එන්නත් දෙක ම ලබාගත් පිරිස ගැන ජනපතිගෙන් සෞඛ්‍ය අංශ වෙත උපදෙස්
Saturday, 28 August 2021 - 9:33 | Views - 2,799
බහුතර පිරිසකට කොරෝනා එන්නතේ මාත්‍රා දෙක ම ලබා දුන් පසු ව වුව ද වෛරසය සම්බන්ධයෙන් මතුවන තත්වයන් පිළිබඳව ද සෞඛ්‍ය අංශ අවධානයෙන් සිටිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, සහ අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ , මෙන්ම ආචාර්ය බන්දුල ගුණවර්ධන ද එහිදී අදහස් පළ කළා.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 6 වන සඳුදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට මෙම රැස්වීමේ දී තීරණය කෙරුණා.

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කළ ද අත්‍යවශ්‍ය සේවා ඇතුළු රැකියා කටයුතු සඳහා තවදුරටත් අවසර හිමිවන බවයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

මේ අතර තොග වෙළඳාම සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘත ව තැබෙනවා.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top