අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ම විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර,මධ්‍යම,සබරගමුව පළාත්වලට හා ගාල්ල, මාතර දිස්ත්‍රික්වලටත් මි.මී 100ට වැඩි වැසි ඇති විය හැකියි.
අනුරාධපු දිස්ත්‍රික්කයට වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, ඌව පළාතට හා අම්පාර, මඩකලපුව, හම්බන්තොට යන දිස්ත්‍රික්වලටත් සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වෙනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම, උතුර, උතුරු මැද, වයඹ යන ප්‍රදේශවල හා දකුණු පළාත, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වලත් සුළඟේ වේගය පැ.කි.මී (40-50) දක්වා වර්ධනය විය හැකියි.
අද දින දහවල් 12.11ට පාලාලි සහ සංගුපිඩි ප්‍රදේශවලට ආසන්නයෙන් හිරු මුදුන් ව පැවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කළේ.
ගිගුරුම් සහ තද වැසි බලාපොරොත්තු විය හැකි අතර, තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරුවලින් ආරක්ෂා වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.