දින 5ක දී කොරෝනා මරණ 1000ක්
Friday, 27 August 2021 - 13:59 | Views - 1,191
මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 7000 සිට 8000 පසුකර යාමට ගත වී ඇත්තේ දින 5ක පමණ කාලයක්.

කොරෝනා මරණ 209ක් ඊයේ දිනයේ දී වාර්තා කෙරුණු අතර, එය මෙරටින් දිනක දී වාර්තා වූ වැඩි ම මරණ සංඛ්‍යාව යි.

මේ වනවිට මෙරටින් කොරෝනා මරණ 8157ක් වාර්තා වනවා.  

එසේ ම ඊයේ දීනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 4602කු වාර්තා වූ අතර, ඉන් පස් දෙනෙකු විදේශ ගත ව සිට පැමිණි පුද්ගලයින්.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ 12,370 දක්වා ඉහළ යනවා.

මේ අතර, සිය 19 වන ඡන්ම දිනය වෙනුවෙන් රුපියල් මිලියනයක වෛද්‍ය උපකරණ තොගයක් කොරෝනා ප්‍රතිකාර වෙනුවෙන් ලබා දීමට කටාන වැලිහේන ප්‍රදේශයේ තරුණයකු ඊයේ කටයුතු කර තිබෙනවා.

ඉදිරියේ දී ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වාදීම සදහා සැලසුම් කර ඇති බවත් ලොව රටවල් රැසක එම ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවත්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

එසේ ම, සංචරණ සීමා පැනවීම තුළින් පමණක් මෙම වසංගතය මර්දනය කළ නො හැකි අතර, ලොව අනෙකුත් රටවල් පිළිබඳ සොයා බැලීමේ දී එය ඔප්පු කර ඇති බවයි, සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ පැවති සාකච්චාවක දී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අද කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වසංගතය පාලනය කිරීමට විසදුම, රට වසා දැමීම පමණක් ම නො වන බවයි.

නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 59,621 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 626ක්  ගත වූ පැය 24 දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top