දිවයිනේ ප්‍රදේශ රැසකට ම තද වැසි
Thursday, 26 August 2021 - 13:42 | Views - 628
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි.

ඒ අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට එම වැසි සහිත කාලගුණයෙන් බලපෑම් එල්ලවනු ඇති.

මීට අමතර ව ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ද තද වැසි ඇතිවීමට ඉඩකඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මිලිමීටර් 82.5ක වර්ෂාපතනයක්, ගාල්ල-නෙළුව ප්‍රදේශයට ඇදහැලී තිබුණා.

මිනුවන්ගොඩ ප්‍රදේශයට මිලිමීටර් 73ක වර්ෂාපතනයක් සහ ගම්පහට මිලිමීටර් 60.5ක වර්ෂාපාතනයක් ද ලැබී තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරුමැද සහ වයඹ යන පළාත්වලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත්, 50ත් අතර අගයක් ගනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ද සුළඟේ වේගය ඉහළ යනු ඇති.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හෝ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top