පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා සිය නිරීක්ෂණ හෙළිදරව් කළ ෂෙහාන් මාලක ගමගේ නැමැති පුද්ගලයා අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
ඊයේ දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ ශෙහාන් මාලක එහිදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මුදාහැරියා.
කෙසේ වෙතත් අද දිනයේ දී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ මාධ්‍ය හමුවේ දී ඔහු සිදු කළ ප්‍රකාශයන් තහවුරු කිරීමට අවශ්‍ය සියලු ලිපි ලේඛන ද සහිතව යි.
මෙම සියලු ලිපි ලේඛන සමඟින් ශෙහාන් මාලක අද උදෑසන 9.30ට පමණ කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ මූලස්ථාන ගොඩනැගිල්ලට ඇතුළු වුණා.
මේ අතර ඊයේ දිනයේදී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ෂෙහාන් මාලකගෙ නීතිඥයින් කියා සිටියේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතියක් වන භාෂණයේ නිදහස අනුව සිය සේවාදායකයා කිසිදු වරදක් සිදුකර නොමැති බවයි.