පාස්කු ප්‍රහාරයේ ආන්දෝලනාත්මක කරුණු හෙළි කළ ශෙහාන් මාලක අදත් සී.අයි.ඩී යට
Thursday, 26 August 2021 - 11:08 | Views - 905
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා සිය නිරීක්ෂණ හෙළිදරව් කළ ෂෙහාන් මාලක ගමගේ නැමැති පුද්ගලයා අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.

ඊයේ දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ ශෙහාන් මාලක එහිදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මුදාහැරියා.

කෙසේ වෙතත් අද දිනයේ දී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ මාධ්‍ය හමුවේ දී ඔහු සිදු කළ ප්‍රකාශයන් තහවුරු කිරීමට අවශ්‍ය සියලු ලිපි ලේඛන ද සහිතව යි.

මෙම සියලු ලිපි ලේඛන සමඟින් ශෙහාන් මාලක අද උදෑසන 9.30ට පමණ කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ මූලස්ථාන ගොඩනැගිල්ලට ඇතුළු වුණා.

මේ අතර ඊයේ දිනයේදී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ෂෙහාන් මාලකගෙ නීතිඥයින් කියා සිටියේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතියක් වන භාෂණයේ නිදහස අනුව සිය සේවාදායකයා කිසිදු  වරදක් සිදුකර නොමැති බවයි.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top