ජපාන අගමැතිට අභියෝගයක්
Thursday, 26 August 2021 - 10:00 | Views - 495
ජපානයේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායකත්වය සඳහා මැතිවරණයක්, ලබන සැප්තැම්බර් 29 වනදා කැඳවා තිබෙනවා.

ඒ සඳහා අග්‍රාමාත්‍ය 'යොෂිහිඩේ සුගා' ද ඉදිරිපත් වනු ඇති.

එහි දී පක්ෂයේ සභාපති ධූරය රැක ගැනිමට නො හැකි වුවහොත් ඔහුගේ අග්‍රාමාත්‍ය ධූරය ද අභියෝගයට ලක් වන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

යොෂිහිඩේ සුගා පසුගිය සැප්තැම්බරයේ ජපාන අග්‍රමාත්‍ය ධූරයට පත් වූයේ 'ෂින්සෝ අබේ' අයහපත් සෞඛ්‍ය  තත්ත්වය නිසා ධූරයෙන් ඉවත් වීම හේතුවෙන්.

ඔහුගේ නිල කාලය ලබන මාසය අවසානයේ දී සම්පුර්ණ විමට නියමිත යි.

පක්ෂ නායකත්ව මැතිවරණයෙන් පරාජය  වුවහොත් ලබන ඔක්තෝබරයේ පැවැත්විය හැකි මහ මැතිවරණය සඳහා වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිමට පාලක පක්ෂය අපේක්ෂා කරන බව  සඳහන්.

කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරිමට අසමත් වීම හේතුවෙන් අගමැති යොෂිහිඩේ සුගාගේ ජනප්‍රියත්වය මේ වනවිට සියයට 30ට වඩා පහත වැටී තිබෙනවා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top