කොරෝනා මර්දනයට නව ඹෟෂධයක්
Thursday, 26 August 2021 - 9:18 | Views - 1,154

සත්ත්වයින්ට වැළඳෙන රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා 'අයිටර් මැක්ටීන්' ඹෟෂධය කොරෝනා මර්දනය කිරීම සදහා යොදාගත හැකි බව, පශූ සායනික විද්‍යා මහාචාර්ය පශූ වෛද්‍ය අශෝක දන්ගොල්ල පවසනවා.
එමෙන්ම, දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේ ද යන්න පිළිබඳ ව තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.
මේ අතර කොවැක්ස් වැඩසටහන ඔස්සේ ජපන් ආධාර යටතේ යුනිසෙෆ් සංවිධානය සහ ජපන් තානාපති කාර්යාලය එක් ව මෙරට සෞඛ්‍ය සේවාව සඳහා උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.
කොරෝනා එන්නත්කරණයේ වැදගත්කම මෙරට සෞඛ්‍ය බලධාරින් මෙන්ම ලෝක සෞඛය සංවිධානය කිහිපවිටක් ම අවධාරණය කළා.
එන්නත්කරණයෙන් මව්වරුන්ට සිය දරුවන්ගේ රැකවරණය සැලසිමේ හැකියාවක් පවතින බවට ඇමරිකාවේ ෆ්ලොරිඩා සරසවියේ විද්‍යාඥයින් සිදු කළ පර්යේෂණයකින් හෙළි වි තිබෙනවා.
ඒ, පුර්ණ එන්නත්කරණය ලැබූ මව්වරුන්ගේ මව්කිරිවල කොරෝනා වෛරසයට එරෙහි ව සටන් වදින ප්‍රතිදේහ සැලකිය යුතු ප්‍රමාණයක් පවතින බව අනාවරණය කර ගැනිමෙන්.
අලුත උපන් ළදරුවන්ට වෛරසය එරෙහි ව සටන් වැදිම දුෂ්කර වුවත් එන්නත්කරණය ලැබූ මව්වරුන්ගේ මව්කිරිවලින් ලැබෙන ප්‍රතිදේහ ඔවුන්ට ඒ සඳහා උපකාරි වනු ඇති.
Share This Article