මෙරට ආසාදිතයින් ලක්ෂ හතර ආසන්නයේ
Tuesday, 24 August 2021 - 16:03 | Views - 778
ගත වූ දිනයේ ආසාදිතයින් 4,355ක් මෙරටින් වාර්තා වූ අතර, ඉන් දෙදෙනෙකු විදේශගතව සිට පැමිණි පුද්ගලයින්.

එම අසාදිතයින් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 394,355ක් දක්වා ඉහළ ගියා.

ගත වූ දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සමඟ අඛණ්ඩ ව 06 වැනි දිනටත් දෛනික කොවිඩ් ආසාදිතයින් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය 16 වැනිදා සිට 19 වැනිදා දක්වා දින හතරේදී ම දෛනික ආසාදිතයින් හාරදහසේ සීමාව ඉක්මවා ගොස් ඇත්තේ වසංගත රෝග විද්‍යා අංශය මඟින් එම දින හතරට ම අදාළ ව අසාදිතයින් 1,000කට වැඩි සංඛ්‍යාවක් අලු‍තෙන් එක් කිරීම හේතුවෙන්.

පසුගිය 22 වනදා සිදු වූ කොවිඩ් මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා.

එම මරණ 194ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7560ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, කොරෝනා මරණ පිළිබඳව ව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් සිදු කළ පරික්ෂණයකට අනුවයි.

පොලීසිය සඳහන් කලේ සැකකරු විදෙස් රටක කොරෝනාවලින් මියගිය පුද්ගලයන්ගේ ඡායාරූප මෙරට කොරෝනා මරණ ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය තුළ පල කර ඇති බවයි.

කලුබෝවිල රෝහලේ රෝගී වාට්ටුවල කොරෝනාවලින් මිය ගිය පුද්ගලයන්ගේ මෘත ශරීර තැනින් තැන දමා තිබෙන බවට එමඟින් ප්‍රකාශ කර ඇති බව පොලිසිය සඳහන් කළා.

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ඊට පිළියමක් ලෙස ගැලවීමේ හමුදාවට අයත් පුංචි බොරැල්ලේ පිහිටි නිවස්නයක් ද ජාතික රෝහල වෙත භාර දී තිබෙනවා.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් එක්ලක්ෂ 75,431කට ඊයේ දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබුණා.

එසේම, සයිනොෆාම් එන්නත් තවත් මිලියනයක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඒ සමඟ මෙරටට රැගෙන එන ලද සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ 157 ඉක්මවා ගියා.

මේ දක්වා මෙරටට රැගෙනවිත්ව ඇති සියලු ම වර්ගවල මුළු එන්නත් මාත්‍රා ප්‍රමාණය කෝටි 2ක ඉක්මවා ගොස් තිබෙනවා.

එසේම ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, නයිජිරියාව, උගන්ඩාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල ගමන් බලපත්‍ර දරන්නන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු වීම සඳහා කොන්දේසි සහිත අවසරයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව, පසුගිය දින 14 තුළ එම රටවල රැඳී නො සිටි පුද්ගලයන්ට ඩුබායි, සාජා ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමනාන්ත වෙත පැමිණිය හැකිවනු ඇති.

ඒ සඳහා අදාළ පුද්ගලයන් තුන්වන රටක දින 14 ක් නිරෝධායනයට ලක් විය යුතු බවයි සංචාරක නියෝජිතයින් උපුටා දක්වමින් 'කාලීජ් ටයිම්ස්' පුවත්පත සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top