රජය සතු දුවන්න බැරි වාහන සංඛ්‍යාව 5,533ක්
Tuesday, 24 August 2021 - 12:25 | Views - 2,217
රජය සතු දුවන්න බැරි වාහන සංඛ්‍යාව 5533ක්,.වාර්තාවකින් හෙළි වෙයි රජයේ ආයතන සතු වාහන සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස යොමු කර තිබෙනවා.

එම වාර්තාවට අනුව රජයේ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යාපාර, පලාත් සභා, සහ පළාත් පාලන ආයතන සතුව ඇති වාහන සංඛ්‍යාව 82194ක්.

ඒ අතුරෙන් වාහන 76,661 ධාවන තත්වයේ පවතින අතර වාහන 5533 ඇත්තේ ගර්භිත තත්වයේ යි.
එමෙන් ම රාජ්‍ය ආයතනවල ජේෂ්ඨ නිලධාරින් 8500 ක ට පමණ මාසික දීමනාවක් ලබා දී ඔවුන්ගේ පෞද්ගලික මෝටර් රථ නිල ප්‍රවාහන පහසුකම් පිණිස යොදා ගැනීමටත් රජයේ අනුමැතියය ලබා දී ඇති බව මෙම වාර්තාවේ සඳහන්.

ඒ අනුව අග්‍රාමාත්‍ය වරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු සැලකිල්ලට ගෙන දැනට ධාවන තත්ත්වයේ නොමැති වාහන අතුරින් අළුත්වැඩියා කළ හැකි වාහන වහාම අලුත් වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටත් එලෙස අළුත්වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් නොපමාව අපහරණය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top