හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි (Video)
Tuesday, 24 August 2021 - 11:52 | Views - 624
හිටපු අමාත්‍යවරයකු වූ මංගල සමරවීර මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන පවසනවා.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දින ගණනාවක් ප්‍රතිකාර ලැබූ සමරවිර මහතා මියයන විට 65 වන වියේ පසු වුනා.

රෝහල්ට ඇතුලත් කරන අවස්තාවේ ඉතාම අසාධ්‍ය තත්ත්වයේ පසු වූ හිටපු අමාත්‍යවරයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ක්‍රමයෙන් යහපත් අතට හැරුණු බවයි වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන අප කළ විමසීමකදී කියා සිටියේ.

ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටි මංගල සමරවීර මහතාට ඊයේ දිනයේදීත් හෘදයාබාධයක් ඇති වූ බවත් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සහ තමන් කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් මීට ටික වේලාවකට පෙර ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් හිටපු අමාත්‍යවරයා සිය දිවි ගමනට සමු දුන්නා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top