කොරෝනාවෙන් මිදීමට පෝෂ්‍යදායි ආහාර ගන්න - සෞඛ්‍ය අංශවලින් උපදෙස් (Video)
Tuesday, 24 August 2021 - 9:03 | Views - 7,189
කොරෝනා රෝගයෙන් ආරක්ෂා විමට නම් ගන්නා ඖෂධවලට අමතරව දෛනිකව පෝෂදායි ආහාර වේලක් ලබා ගැනිම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන කියා සිටියේ වෛසරය ආසාදිත වු පුද්ගලයන් ද සමබර ආහාර වේලක් ලබා ගැනිම අනිවාර්ය බවයි.

මේ අතර, කොවිඩ් ආසාදිතව නිවෙස්වල සිටින පිරිස් සඳහා ආයුර්වේද ඖෂධ ලබාදීම දිස්ත්‍රික්ක කිහිපයකදීම ඊයේ (23) ආරම්භ වුණා.

මේ අතර, විශේෂ ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබන අසාද්‍ය තත්ත්වයේ කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍යවන ඔක්සිජන් උණුසුම් කර ලබාදෙන උපකරණයක් ගුවන් හමුදාව විසින් නිපදවා ඇති අතර එය නාගොඩ රෝහල වෙත භාර දුන්නා.

එසේම,ගර්භණී කාලය සති 26 ඉක්මවූ මව්වරුන්ට කොවිඩ් ආසාදනය වුවහොත් අනිවාර්යෙන්ම රෝහල් ගත විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් කොළඹ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවක දී පැහැදිලි කළා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 2,222 ක් සුවය ලබා රෝහල් වලින් ඊයේ (23) පිටව ගියා.

ඒ අනුව, සුවය ලැබූ මුලු ආසාදිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂ 44,381 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

ඊයේ පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 3223 දෙනෙකු වාර්තා වූ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාවද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදි ඔවුන් චෝදනා කළේ කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය නිර්වින්ද ඖෂධවල හිඟයක් පවතින බවයි.



කොරෝනා දත්ත වාර්තා කිරිමේදි ඇති වු ගැටළුකාරී තත්ත්වයන් මීට පසු ඇති නොවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කියා සිටියේ.

මේ අතර කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා පමණක් ප්‍රතිකාර කරනු ලබන වාට්ටු සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් ඇති බවයි එහි ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා සඳහන් කළේ.

එසේම, කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වී තිබෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top