තනි පුද්ගලයෙකුට ගුවනින් ගමන් කිරීම සඳහා විවිධ උපක්රම අත්හදා බැලීම් සිදුකළ ද ඒවායේ යම් ගැටළු සහ විවිධ හේතූන් මත ව්යාපෘති අකාර්යක්ෂම වී තිබෙනවා.
එවැනි තත්වයක ලෝකයේම අවධානය යොමුවූ නවතම පුවතක් මේ වනවිට විදෙස් මාධ්ය වාර්තා කරනවා.
එහි දැක්වෙන්නේ එක් පුද්ගලයෙකුට ගුවනින් ගමන්කළ හැකි අමුතුම අකාරයේ රථයක් පිළිබඳවයි.
මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ එය පැදවීම සඳහා නියමු බලපත්රයක් හෝ අවශ්ය නොවීමයි.
BlackFly ලෙස හඳුන්වාදෙන මෙම නව විදුලි රථය පසුගියදා කැලිෆෝර්නියාවේදී එළිදැක්වීම සිදුකෙරුණා.
ආරම්භයේ එහි මිල වැඩි වුවද පසුව BlackFly ස්පෝර්ට් වර්ගයේ මෝටර් රථයක මිලට සමාන වනු ඇති බවයි නිෂ්පාදකයන් පවසන්නේ.
මේ වනවිට BlackFly රථයෙන් පැයට සැතපුම් 62 ක වේගයකින් සැතපුම් 25 (කිමී 40) ක දුරක් යා හැකි බවයි විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ.
