වයසට යෑම වැළැක්වීමට නව ඖෂධයක්
Monday, 27 March 2017 - 9:14 | Views - 2,349
වයස්ගත වීම වැළැක්වීම සඳහා නව ඖෂධයක් සොයාගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව සිටිනවා.
මෙම නව ඖෂධය මඟින් හානි වූ DNA අණු නැවත ප්‍රකෘතිමත් කෙරෙන අතර අඟහරු ග්‍රහයා වෙත යන නාසා ගගනගාමීන් සූර්ය විකිරණවලින් ආරක්ෂා ගැනීමටත් මෙම නව ඖෂධයට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
පර්යේෂකයන් මීයන් යොදාගනිමින් මෙම නව ඖෂධය අත්හදා බලා ඇති අතර එහිදි නව ඖෂධය වයස් ගතවීම නිසා හෝ විකිරණවලට නිරාවරණය වීම නිසා හානිවන DNA අණුව සෘජුවම නැවත පිළිසකර කරන බව අනාවරණය වී තිබෙනවා.
මාස හයක කාලයක් සදහා මෙම ඖෂධය මිනිසුන්ට ලබා දී පර්යේෂණ සිදුකිරීමට නියමිත අතර එය සාර්ථක වුවහොත් වසර තුනත් හතරත් අතර කාලයකදී මෙම නව ඖෂධය වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව පර්යේෂකයන් පවසනවා.
නව ඖෂධය සොයාගැනීම සම්බන්ධයෙන් නාසා ආයතනයේ අවධානයට ද යොමු ව ඇති බව සදහන්.
මෙම වසරේදී බ්‍රිගහම් සහ බොස්ටන් හි පිහිටි කාන්තා රෝහල් වලදී මිනිසුන් යොදාගෙන මෙම නව සොයාගැනීම අත්හදා බැලීමට නියමිතයි.
Share This Article