වයසට යෑම වැළැක්වීමට නව ඖෂධයක්
Monday, 27 March 2017 - 9:14 | Views - 2,350
වයස්ගත වීම වැළැක්වීම සඳහා නව ඖෂධයක් සොයාගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව සිටිනවා.

මෙම නව ඖෂධය මඟින් හානි වූ DNA අණු නැවත ප්‍රකෘතිමත් කෙරෙන අතර අඟහරු ග්‍රහයා වෙත යන නාසා ගගනගාමීන් සූර්ය විකිරණවලින් ආරක්ෂා ගැනීමටත් මෙම නව ඖෂධයට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

පර්යේෂකයන් මීයන් යොදාගනිමින් මෙම නව ඖෂධය අත්හදා බලා ඇති අතර එහිදි නව ඖෂධය වයස් ගතවීම නිසා හෝ විකිරණවලට නිරාවරණය වීම නිසා හානිවන DNA අණුව සෘජුවම නැවත පිළිසකර කරන බව අනාවරණය වී තිබෙනවා.

මාස හයක කාලයක් සදහා මෙම ඖෂධය මිනිසුන්ට ලබා දී පර්යේෂණ සිදුකිරීමට නියමිත අතර එය සාර්ථක වුවහොත් වසර තුනත් හතරත් අතර කාලයකදී මෙම නව ඖෂධය වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව පර්යේෂකයන් පවසනවා.

නව ඖෂධය සොයාගැනීම සම්බන්ධයෙන් නාසා ආයතනයේ අවධානයට ද යොමු ව ඇති බව සදහන්.

මෙම වසරේදී බ්‍රිගහම් සහ බොස්ටන් හි පිහිටි කාන්තා රෝහල් වලදී මිනිසුන් යොදාගෙන මෙම නව සොයාගැනීම අත්හදා බැලීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top