ඔබ හොඳින් ව්‍යායාම කරමින් සෞඛ්‍යමය ආහාර ලබා ගනිද්දීත් අධික තරබාරු කමින් මිදිය හැකි නොවීමට හේතුව ඔබ රාත්‍රීයේදි අනුගමනය කරන වැරදි සහගත පුරුදු වීමට පුළුවන්.
මේ කියන්න යන්නේ ඔබ අතින් සිදුවිය හැකි එවැනි වැරදි පුරුදු 11ක් පිළිබඳවයි.
1.පමණට වඩා ආහාර රාත්‍රියේදි ගැනීම
රාත්‍රියේදි ආහාර ජීර්ණය සිදුවන්නේ ඉතා සෙමින් නිසා අධික තරබාරුවට මෙය හේතුවක් වෙනවා.රාත්රියේදී ආහාර ගන්නා ගමන් රූපවාහිනිය නැරඹීම වැඩි ආහාර ප්‍රමාණයක් ලබා ගැනීමට සිත්වන තවත් කරුණක්.
2.රාත්‍රී වේල මඟ හැරීම
ආහාර වේල් මඟ හැරීම තුළින් ඔබට තරබාරුකමින් මිදිය නොහැකය.
ඉතා සරල ආහාරයක් හෝ ගත යුතුය. නැතිනම් වෙනත් රෝගාබාධ වලට ගොදුරු විමේ අවධානමක් පවති.
3.බඳින ලද ආහාර රාත්‍රියේදි ගැනීම
තෙල් සහිත බැඳුම් ආහාර තරබාරුකමට හේතුවන ඉතා ප්‍රබල සාධකයකි. එවැනි ආහාර රාත්‍රියේදි ගැනීම තරබාරුකම දෙගුණ තෙගුණ කිරීමට ඉවහල් වේ.රාත්රියේදී මෙවැනි ආහාරවල කැලරි දහනය කිරීමට අපහසුය.
4.පිෂ්ඨමය ආහාර වැඩි ප්‍රමාණයක් රාත්‍රී ආහාර වේලට එකතු කර ගැනීම
පීසා පැස්ටා වැනි කෑම වලට රුචිකත්වයක් ඔබ තුළ ඇතිනම් ඒවා දිවා කාලයේ ආහාරයට ගන්න.රාත්‍රියේදි සරල ආහාර රටාවකට හුරු වන්න.
5 ස්පයිසි කෑම වර්ග ආහාරයට ගැනීම
මෙවැනි ආහාර ඔබේ ශරීරයේ ධාතු වෙනස්වීම් කෙරෙහි බලපාන අතර ගැස්රයිටිස් වැනි රෝගාබාධයන්ට ගොදුරු විමේ අවධානමක් පවති.
6.රාත්‍රී ආහාරයට පසුත් සුළු සුළු ආහාර වර්ග භාවිතයට ගැනීම
මෙයින් තවත් ජීරණ ක්‍රියාවලිය අපහසු කොට අධික කැලරි ප්‍රමාණයක් ශරීරයට එකතු කරයි.
7.රාත්‍රීයට අතුරුපස වර්ග ආහාරයට ගැනීම
අතුරුපසවල ඇතී සීනී තරබාරුකමට ඉවහල් වන ප්‍රධාන කරුණකි.
8. රාත්‍රී ආහාරය ගත් විගසම නින්දට යෑම
මේ නිසා ආහාර ජීරණය තවත් අඩාල වේ.එමෙන්ම ජීරණ පද්ධතිය අශ්‍රීත රෝග වලටද ඉවහල් වේ.
9.කැෆේන් හෝ ඇල්කොහොල් අඩංගු පානයන් ගැනීම
මේවා ගැනීමෙන් නින්දට යෑම ඉක්මන් කරයි.ඔබට ශරීරයේ අපහසුතා ඇති කිරීමටද එය ඉවහල් වේ.
10.ඇඳේදි ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කිරීම
ජංගම දුරකථන, අයි පෑඩ් වැනි උපාංග භාවිතා කිරීම සිදු නොකල යුතුය.
ඒ වෙනුවට පොතක් කියවීම හෝ සංගීතයට සවන් දීම ඔබට සුවදායක නින්දක් ලබා ගැනීමටද හේතු වේ.
11. නිසි වේලාවට නින්දට නොයෑම
මෙයද ශරීරයට අහිතකර වන අතර වැඩි වේලාවක් නිදි වර්ජිතව කාලය ගත කරන විට ගන්නාආහාර ප්‍රමාණය ද අධික වේ.අවම වශයෙන් පැය අටක් වැනි කාලයක්වත් නිදා ගැනීම අත්යාවශ්යයවේ.
මෙම කරුණු පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරනවානම් කෙට්ටු වෙන එක පහසු දෙයක්.
-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-