කෙට්ටු වෙන්න මෙන්න ලේසිම ක්‍රම ටිකක්
Sunday, 26 March 2017 - 21:36 | Views - 47,180
ඔබ හොඳින් ව්‍යායාම කරමින් සෞඛ්‍යමය ආහාර ලබා ගනිද්දීත් අධික තරබාරු කමින් මිදිය හැකි නොවීමට හේතුව ඔබ රාත්‍රීයේදි අනුගමනය කරන වැරදි සහගත පුරුදු වීමට පුළුවන්.

මේ කියන්න යන්නේ ඔබ අතින් සිදුවිය හැකි එවැනි වැරදි පුරුදු 11ක් පිළිබඳවයි.

1.පමණට වඩා ආහාර රාත්‍රියේදි ගැනීම



රාත්‍රියේදි ආහාර ජීර්ණය සිදුවන්නේ ඉතා සෙමින් නිසා අධික තරබාරුවට මෙය හේතුවක් වෙනවා.රාත්‍රියේදී ආහාර ගන්නා ගමන් රූපවාහිනිය නැරඹීම වැඩි ආහාර ප්‍රමාණයක් ලබා ගැනීමට සිත්වන තවත් කරුණක්.

2.රාත්‍රී වේල මඟ හැරීම





ආහාර වේල් මඟ හැරීම තුළින් ඔබට තරබාරුකමින් මිදිය නොහැකය.
ඉතා සරල ආහාරයක් හෝ ගත යුතුය. නැතිනම් වෙනත් රෝගාබාධ වලට ගොදුරු විමේ අවධානමක් පවති.

3.බඳින ලද ආහාර රාත්‍රියේදි ගැනීම



තෙල් සහිත බැඳුම් ආහාර තරබාරුකමට හේතුවන ඉතා ප්‍රබල සාධකයකි. එවැනි ආහාර රාත්‍රියේදි ගැනීම තරබාරුකම දෙගුණ තෙගුණ කිරීමට ඉවහල් වේ.රාත්‍රියේදී මෙවැනි ආහාරවල කැලරි දහනය කිරීමට අපහසුය.

4.පිෂ්ඨමය ආහාර වැඩි ප්‍රමාණයක් රාත්‍රී ආහාර වේලට එකතු කර ගැනීම



පීසා පැස්ටා වැනි කෑම වලට රුචිකත්වයක් ඔබ තුළ ඇතිනම් ඒවා දිවා කාලයේ ආහාරයට ගන්න.රාත්‍රියේදි සරල ආහාර රටාවකට හුරු වන්න.

5 ස්පයිසි කෑම වර්ග ආහාරයට ගැනීම



මෙවැනි ආහාර ඔබේ ශරීරයේ ධාතු වෙනස්වීම් කෙරෙහි බලපාන අතර ගැස්‍රයිටිස් වැනි රෝගාබාධයන්ට ගොදුරු විමේ අවධානමක් පවති.

6.රාත්‍රී ආහාරයට පසුත් සුළු සුළු ආහාර වර්ග භාවිතයට ගැනීම



මෙයින් තවත් ජීරණ ක්‍රියාවලිය අපහසු කොට අධික කැලරි ප්‍රමාණයක් ශරීරයට එකතු කරයි.

7.රාත්‍රීයට අතුරුපස වර්ග ආහාරයට ගැනීම



අතුරුපසවල ඇතී සීනී තරබාරුකමට ඉවහල් වන ප්‍රධාන කරුණකි.

8. රාත්‍රී ආහාරය ගත් විගසම නින්දට යෑම



මේ නිසා ආහාර ජීරණය තවත් අඩාල වේ.එමෙන්ම ජීරණ පද්ධතිය අශ්‍රීත රෝග වලටද ඉවහල් වේ.

9.කැෆේන් හෝ ඇල්කොහොල් අඩංගු පානයන් ගැනීම



මේවා ගැනීමෙන් නින්දට යෑම ඉක්මන් කරයි.ඔබට ශරීරයේ අපහසුතා ඇති කිරීමටද එය ඉවහල් වේ.

10.ඇඳේදි ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කිරීම



ජංගම දුරකථන, අයි පෑඩ් වැනි උපාංග භාවිතා කිරීම සිදු නොකල යුතුය.

ඒ වෙනුවට පොතක් කියවීම හෝ සංගීතයට සවන් දීම ඔබට සුවදායක නින්දක් ලබා ගැනීමටද හේතු වේ.

11. නිසි වේලාවට නින්දට නොයෑම



මෙයද ශරීරයට අහිතකර වන අතර වැඩි වේලාවක් නිදි වර්ජිතව කාලය ගත කරන විට ගන්නාආහාර ප්‍රමාණය ද අධික වේ.අවම වශයෙන් පැය අටක් වැනි කාලයක්වත් නිදා ගැනීම අත්‍යාවශ්‍යයවේ.

මෙම කරුණු පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරනවානම් කෙට්ටු වෙන එක පහසු දෙයක්.


-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top