දෙළුම් කියන්නේ බොහෝ ලෙඩ රෝගවලට ගුණදායී පළතුරක්. අද මේ ලිපියෙන් කියවෙන්නේ දෙළුම් ගෙඩියේ වේලපු පොතුවලින් ගන්න පුළුවන් ප්‍රයෝජන කිහිපයක් ගැනයි.
මේ වේලපු දෙළුම් පොතුවලින් සුව කරන්න පුළුවන් රෝග කිහිපයක් තමයි මේ තියෙන්නෙ.
- පාචනය
- සැල්මොනලොසිස්
- මහා බඩවැල ඉදමිම සහ බඩවැල ආශ්‍රිත රෝග
- ආමාශ වණ
- අතීසාරය
- කොලරාව
- අපෙන්ඩිසයිස්
මෙතරම් දුර්ලභ රෝග සුව කරන්න පුළුවන් දෙළුම් පොතුවලින් බෙහෙත් හදාගන්න ආකාරය
මෙම ඛෙහෙත සදහා වේලාගත් දෙළුම් පොතු අවශ්‍යයි. ඊට පසු එම වේලාගත් දෙළුම් පොතු වතුර සමග 1: 20 අනුපාතයට එකතු කරගන්න. මුලින් රත් කරගත් වීදුරුවකට හෝ කෝප්පයකට ග්‍රෑම් 10-12ක් වේලුනු දෙළුම් පොතු එකතු කරන්න. එයට උතුරන වතුර මිලිලීටර් 200ක් එකතු කරන්න. කෝප්පය වසා විනාඩි 25-30ක් තබන්න. පොතු ඉවත් කරන්නේ නැතිව මෙය පානය පානය කරන්න.
මෙය පානය කිරීමට පෙර වැදගත් කරුණුපානය සදා ගැනීම එකම වුනත් රෝගය අනුව පානය කරන ආකාරය වෙනස් වේ.
අතීසාරය, පාචනය, උණ සන්නිපාතය, දැඩි අපෙන්ඩිසයිස් සහ සැල්මොනලොසිස් වලට - කෝප්ප භාගයක් පමණක් පානය කරන්න.
ආමාශගත වණ, බඩවැල ආශ්‍රිත රෝග, මහා බඩවැල ඉදමිම සදහා කෝප්ප භාගයක් දිනකට 4 සැරයක් පානය කරන්න. පළමුව උදෑසන හිස්බඩ පානය කරන්න ආරම්භ කර හතරවන මාත්‍රාව නින්දට පෙර පානය කරන්න.
අනුපාතය දෙළුම් පොතු සහ ජලය 1 : 20
මෙය බොන අතරේ දෙළුම් පොතු මිරිකා ඉස්ම ගන්න එපා.මෙය පානය කරන දවස් වල මධ්‍යසාර පානය කරන්න එපා.- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -