අඟහරු මතට යන ප්‍රථම හෙලිකොප්ටරය
Monday, 19 April 2021 - 11:11 | Views - 7,684
වෙනත් ග්‍රහ ලෝකයක සිට ප්‍රථම වරට හෙලිකොප්ටරයක් පියාසර කිරීමේ මෙහෙයුමක් නාසා ආයතනය අද අත්හදා බැලීමට නියමිතයි.
පසුගිය පෙබරවාරි මාසයේ අඟහරු ග්‍රහයා වෙත ගොඩබස්වන ලද පර්සිෆියර්නස් රෝවරය මගින් ගෙනයන ලද කිලෝ 1යි ග්‍රෑම් 800ක් බරැති මෙම කුඩා හෙලිකොප්ටරය සාර්ථකව පියාසර කරවීමට හැකිවනු ඇති බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ.
ඉන්ජෙනියුටි ලෙස නම් කර ඇති මෙම යානය අගහරු ග්‍රහයාගේ ජෙසෙරෝ ආවාටයේ සිට මීටර තුනක් පමණ ඉහළට එසවීමට නාසා විද්‍යාඥයින් සැළසුම් කර තිබෙනවා.
Share This Article