එක දිගට මතුවන රජයේ නිල ඇඳුම් දරන්නන්ගේ නොමනා ක්‍රියා
Tuesday, 30 March 2021 - 14:27 | Views - 2,368
හයිලෙවල් මාර්ගයේ මහරගම - පන්නිපිටිය ප්‍රදේශයේදී රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ පහරකෑමට ලක්වු ලොරි රථ රියදුරා සහ එම පොලිස් කොස්තාපල්වරයාද අද (30) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පහරදීමෙන් පසු වැඩ තහනමකට ද ලක්වූ මෙම කොස්තාපල්වරයා සහ ලොරි රථ රියදුරා ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබුවා.

රාජකාරියේ නිරතව සිටි මහරගම පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් කිරීම හේතුවෙන් අදාළ කොස්තාපල්වරයා ලොරි රථ රියදුරාට අමානුෂික ලෙස පහර දී තිබූ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ඊට අදාළ දර්ශන හුවමාරු වීමත් සමඟයි පොලිස් මූලස්ථානය ඊයේ මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේ.

ලොරි රථයේ ගැටුණු මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එවන් පසුබිමක පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහරදීමට තැත් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මෙම සිදුවීම වීරවිල පොලිස් බල ප්‍රදේශයට අයත් මාර්ගයක සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top