තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් වරාය වෘත්තීය සමිති අද වර්ජනයක් ආරම්භ කිරීමට සුදානමින් සිටින බව වරාය ආරංචි මාර්ග පවසනවා.
ඒ අවුරුදු තුනකින් වැඩි නොවූ වැටුප් පදනම් කරගනිමින් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත් අද පස්වරුවේ වරාය හා නාවික කටයුතු ඇමති රෝහිත අබේගුණවර්ධන සමඟ මේ සඳහා තීරණාත්මක සාකච්චාවක් පැවැත්වෙන බවයි සඳහන්.
20%ක වැටුප් වැඩිවීමක් ලබාදීම සඳහා දැනටමත් රජය කැමැත්ත දක්වන නමුත් වරාය වෘත්තීය සමිති සේවකයන් ඉල්ලා සිටින්නේ 30% ක වැටුප් වැඩිවීමක් බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.