පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබදව අවසන් තීන්දුවට, පක්ෂ නායක රැස්වීමකින් අනතුරුව එළඹීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළ කර තිබෙනවා.
එහෙත්, කැබිනට් අමාත්‍යවරුන් වැඩිදෙනෙකුගේ කැමැත්ත කොට්ඨාශ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම බවයි ඊයේ (29) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන කියා සිටියේ.
දිගින් දිගටම කල් දැමෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ විකල්ප යෝජනා 02ක් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පසුගිය දා අමාත්‍ය මණ්ඩලයට වෙත ඉදිරිපත් කර තිබුණා.