සමාජ මාධ්‍ය කැලැඹු නිළ ඇඳුමේ ගැටුම (video)
Tuesday, 30 March 2021 - 8:51 | Views - 242
සමාජ මාධ්‍යයේ සඳහන්වූ, පන්නිපිටිය ප්‍රදේශයේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අද (30) දින නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.

මීට අමතරව ලොරි රථයේ ගැටී තුවාල ලැබූ මහරගම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ද ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු මාර්ගයකදී අමානුෂික අන්දමින් පුද්ගලයෙකුට පහර දෙන දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ ඊයේ දින සැරි සැරූ අතර, ඉන් පසුවයි පොලීසිය ඒ පිළිබදව විමර්ශනයක් ද ආරම්භ කළේ.

හයිලෙවල් මාර්ගයේ මහරගම - පන්නිපිටිය ප්‍රදේශයේදී මෙලෙස පහරකෑමට ලක්වන්නේ ලොරි රථ රියදුරෙකු වූ අතර, පහර දෙන පොලිස් කොස්තාපල්වරයා මහරගම පොලීසියට අනුයුක්ත වූ අයෙකු බවටයි පසුව අනාවරණ වූයේ.  

අදාළ පොලිස් නිලධාරියා, රියදුරුට පහර දී බිම හෙළන අතර අනතුරුව රියදුරුගේ ශරීරය මතට වැරෙන් පනිනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, අදාල පුද්ගලයාට එලෙස පහර දී ඇත්තේ මහරගම පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීම හේතුවෙන් බවටයි පසුව අනාවරණ වූයේ.

සිද්ධියට අදාළව  ලොරි රථ රියදුරාට පහරදීම සිදුකළ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට උපදෙස් ලබාදුන් බව ද මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top