ඉහළ යන ලකුණු පහළවන තෙල් මිල
Monday, 29 March 2021 - 9:02 | Views - 854
මේ වන විට සමාජයේ පිළිකා කාරක අඩංගු බවට පැවසෙන පොල්තෙල් අලෙවි වන බවට වාර්තා පළ වීමත් සමඟ ඉදිරියේදී පොල්තෙල්වල මිල ගණන් ද ඉහළ යා හැකි බවයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
මීට අමතරව උත්සව සමයේදී රට තුළ පොල්තෙල් හිඟයක් ද ඇති විය හැකි බවටයි පොල්තෙල් ආනයනකරුවන් ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, ආනයනික පොල්තෙල් බහලුම් 13ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරකය අඩංගු බවට අනාවරණ වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් එම පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කළයුතු බවට පසුගියදා නිර්දේශ කළා.
අනතුරුව අදාළ පොල්තෙල් වෙළදපොළට නිකුත් නොවන බවට තවදුරටත් තහවුරු කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය අදාළ පොල්තෙල් ආනයනය කළ සමාගම් තුනෙහි ගබඩා මුද්‍රා තැබීමටයි පියවර ගනු ලැබුවේ.
මෙම තත්ත්වය හමුවේ ආනයනික පොල්තෙල් වෙළදපොළට නිකුත් කිරීම අඩාල වී තිබෙනවා.
එම තත්ත්වයන් සලකා බැලීමේදී උත්සව සමයත් සමඟ පොල්තෙල්වල මිල ගණන් ඉහළ යා හැකි බවටයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා ප්‍රකාශ කළේ.
Share This Article