අවදානමට පිටුපෑ පාසල්
Monday, 29 March 2021 - 8:49 | Views - 2,561

බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (29) විවෘත වනවා.විශේෂ චක්‍රලේකයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දුන්නේ පංති කාමරයක් තුළ සිටින සිසුන් සංඛ්‍යාව අනුව කණ්ඩායම් වශයෙන් බෙදා අධ්‍යයන කටයුතු සිදුකරන ලෙසයි.ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයට පසුවයි බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි අද ආරම්භ වන්නේ.කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පසුගිය 15 වනදා ආරම්භ කෙරුණා.අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවසර ලබාදීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ අද (29) දිනයේ සිට එම පාසල් ආරම්භ කිරීමටයි.ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත්කළ විශේෂ චක්රලේකයේ දැක්වෙන්නේ සිසුන් 15ක් දක්වා සිටින පංති සෑම සතියේ දිනකම පැවැත්විය යුතු අතර සිසුන් 16ත් 30ත් අතර සිටින පංති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතු බවයි.සිසුන් 30ට වැඩි පංති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වනසේ පැවැත්විය යුතු බවට එහි තව දුරටත් දැක්වෙනවා.එමෙන්ම බස්නාහිර පළාතේ ඇන්ග්ලිකන් සභාවට අයත් සියළු පාසල්වල අධ්‍යයන කටයුතු අද (29) ආරම්භ කරන බව ඇන්ග්ලිකන් සභාව නිවේදනය කළා.මේ අතර, සෞඛ්‍ය නීති ආරක්ෂා කරමින් පාසල් දරුවන් ප්‍රවාහනය නොකරන රියදුරන් හා සහයකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. මේ අතර කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් යාපනය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද (29) සිට සතියක් වසා තැබෙන බව දිස්ත්‍රික් ලේකම් ගනපති පිල්ලෙයි මගේෂන් ඊයේ සඳහන් කළා.
Share This Article