පොල්තෙල් නිසා හදිසියේ වැසුණු ආයතන
Saturday, 27 March 2021 - 13:18 | Views - 814
පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වූ පොල්තෙල් ආනයනය කළ ආයතන 3කට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
අදාළ පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරු වීමෙන් පසුව එය ප්‍රතිඅපනයනය කෙරෙන තෙක් එම ආයතන 3ට මුද්‍රා තැබූ බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ.
ආනයනය කළ පොල්තෙල් බහලුම් 13ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් තහවුරු කර තිබියදී එය අදාළ ආයතන වෙත මුදා හැර ඇති බවට සමස්ථ ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා පසුගිය දා චෝදනා කළා.
කෙසේ වෙතත්, අදාළ පොල්තෙල් වෙළදපොළට නිකුත් වී නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඊයේ (26) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.
එහෙත් වෙළදපොළට පරිභෝජනයට නුසුදුසු පිළිකා කාර අඩංගු පොල්තෙල් නිකුත් වී ඇති බවට එල්ල වන චෝදනා හමුවේ එය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා දිවයින පුරා වෙළදසැල්වල පොල්තෙල් සාම්පල ලබා ගැනීම ඊයේ (26) සිට ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළා.
Share This Article