14කට මරු කැඳවමින්, අද ඉවත්වුණු අනතුර
Friday, 26 March 2021 - 16:25 | Views - 427
මගීන් 14 දෙනෙකුට මරු කැඳවමින් පස්සර 13 කණුව ප්‍රදේශයේ රිය අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ කොටසක් අවහිර කරමින් වැටී තිබූ ගල මේ වනවිට සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා.

ඊයේ දිනයේ එය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර, බෝර යොදා එය කොටස් වලට කැඩීමෙන් අනතුරුවයි ගල ඉවත් කර ඇත්තේ.

අදාළ ස්ථානයේ ප්‍රපාතය දෙසට වන්නට ඉදිරියේදී ආරක්ෂිත වැට ඉදිකිරීමේ කටයුතු ද ආරම්භ කරන බවයි බදුල්ල - චෙන්කලඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැඩබලන අධ්‍යක්ෂ ඒ.පී.කේ. අබේධීර සඳහන් කළේ.

පසුගිය 13 වනදා උදෑසන ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකින් අඩි 300 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර, තවත් 30 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

ඉන් 16 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි බදුල්ල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාතිලක සඳහන් කළේ.

4 දෙනෙකු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරු සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන බදුල්ල - දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලය මගින් බස් රථ පරීක්ෂාවක් අද සිදුකළා.

ඒ, පස්සර - නමුණුකුල මාර්ගයේ සහ පස්සර - බිබිලේගම මාර්ගවලයි.

එහිදී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ දෙකක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ 4කට තාවකාලික ධාවන තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top