අන්තර්ජාලය ඔස්සේ හිස් වී පිරෙන බැංකු ගිණුම්
Friday, 26 March 2021 - 15:58 | Views - 1,976
අන්සතු බැංකු ගිණුම්වලින් රුපියල් මිලියන 17 ක මුදලක් තමන්ගේ ගිණුම්වලට බැර කරගත් වවුනියාව වෙප්පන්කුලම ප‍්‍රදේශයේ තරුණයකු ඉකුත් 23 දා පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
 ඔහු මෙම මුදල් වංචාව සිදුකොට ඇත්තේ අන් අයගේ බැංකු ගිණුම් පිළිබඳව විස්තර සොරා ගෙන අන්තර්ජාලය ඔස්සේ එම ගිණුම්වලට රිංගා ඒවායෙහි තිබූ මුදල් ඔහුගේ බැංකු ගිණුම් වෙත මාරුකර ගනිමින් බවයි සඳහන් වන්නේ.
 
 එසේ මාරු කරගන්නා ලද මුදල් සැකකරු විසින් තැන්පත් කොට ඇත්තේ ඔහුගේ නමින් ඇමරිකා එක්සත් ජනපදයේ බැංකුවක ආරම්භ කොට තිබූ ගිණුමකට බවද වැඩිදුරටත් සඳහන්.
 
 වයස අවුරුදු 29 ක් වූ මෙම තරුණයා පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදී රුපියල් මිලියන 140 ක ප‍්‍රමාණයක් ඔහුගේ ගිණුම්වලට බැරකර ඇති සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන ලද විමර්ශනයකින් පසුව ඔහුව සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.
 
 
දිවයින 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top