මුහුණදුන් අතවර ගැන දැරියන් ලියු ලිපියේ හෙළිදරව්ව
Friday, 26 March 2021 - 14:53 | Views - 4,940
සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයක් දැනටමත් ආරම්භ කරලා...

අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ තවත් දැරියන් දෙදෙනකු බරපතළ ලෙස අපයෝජනය කර ඇති බව පවසමින් පිටු 10කින් සමන්විත ලිඛිත ප්‍රකාශයක් සහ එලෙස බරපතළ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව කියන දැරියන් දෙදෙනා තමන් මුහුණ දුන් ලිංගික අතවර සිදුවීම් පිළිබදව ස්වකීය අත්අකුරින් ලියන ලද ලිපි දෙකක්ද ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතාට විවෘත අධිකරණයේදී භාරදෙනු ලැබීය.

අනුරාධපුර අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ තවත් දැරියන් දෙදෙනකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව මාධ්‍ය හමුවක් පවත්වමින් කළ ප්‍රකාශය පිළිබඳව සවිස්තරාත්මක සම්පූර්ණ ප්‍රකාශයක් ලිඛිතව අධිකරණයට ලබාදෙන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා මීට පෙර ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට ලබාදී තිබූ නියෝගයකට අනුව එම ලිඛිත තොරතුරු ලබා දුන්නේය.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ අනුරාධපුර මූල්සථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුවය.

එම වැඩිදුර වාර්තාව මඟින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට අවධාරණය කළේ අනුරාධපුර අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ තවත් දැරියන් දෙදෙනකු බරපතළ ලෙස අපයෝජනය කර ඇති බවට ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇති බවයි.

මෙම අපරාධ සිද්ධීන් පිළිබඳව දැනටමත් මූලික විමර්ශනයක් අරඹා ඇති බවද අධිකරණයට සැලකළ පොලිසිය ඒ සඳහා අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ගුරු සංගම් සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් පොලිසියට ලබා ගැනීමට අවශ්‍ය බැවින් එම ප්‍රකාශය පොලිසියට ලබාදෙන දෙන ලෙසට ගුරු සංගම් සභාපතිවරයාට නියෝග කරන්නැයිද පොලිසිය ඉල්ලා සිටියේය.

පොලිසියේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහෙස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට නියෝග කළේ අදාළ ප්‍රකාශය පොලිසියට නොව සෘජුවම අධිකරණයට ලිඛිතව ලබා දෙන ලෙසය.

අනුරාධපුර - ආනන්ද කරුණාදාස
සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පත..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top