ගුවනින් පැමිණි පාර්සලයෙන් හදිසියේ මතු වූ නොමනා දේ
Friday, 26 March 2021 - 11:18 | Views - 438
තැපැල් මගින් විවිධාකාර මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අනාවරණය කරගෙන තිබෙනවා.

2020 දෙසැම්බර් මස 27 වන දින ඩුබායි සිට මෙලෙස ගුවන් මගින් පැමිණි සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එතුළ ගංජා මිශ්‍ර කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27ක් කුෂ් තෙල් ග්‍රෑම් 38ක් සොයාගැනුනා.

ඊට අමතරව ප්‍රංශයේ සිට ඩුබායි හරහා මෙරටට ආ තවත් සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එතුළ විවිධ මත්පෙති 4360ක් සොයාගත්තා.

මෙම සැකකටයුතු පාර්සල් දෙකම මෙරටට එවා ඇත්තේ ව්‍යාජ නම් වලටයි.

මෙලෙස ව්‍යාජ නම්වලට එවනුලබන මත්ද්‍රව්‍ය සහ විවිධ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර නිෂ්කාශනය කරගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරුද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙළිකරගෙන තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ භාණ්ඩ නිශ්කාෂණ සමාගම් සමඟ එක්ව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
 
ඡායාරූප පහතින්,
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top