අවුරුදු නැකතට මිල අඩු වූ සහල්
Friday, 26 March 2021 - 8:53 | Views - 592
අප්‍රේල් මස පළමුවනදා සිට නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 93 කටත්, සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 95 කටත් අලෙවි කිරීම සඳහා රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සුපිරි වෙළදසැල්, සතොස සහ සමූපකාර හරහා එම මිලට සහල් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

සතොස සභාපති, සමූපකාර කොමසාරිස් හා සියළු සුපිරි වෙළදසැල් වල ප්‍රධාන විධායක නිලධාරීන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අතර ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

අදාළ මිල ගණන් යටතේ වී අලෙවි මණ්ඩලය හරහා ලබාදෙන සහල් අලෙවි කිරීමටයි එහිදී ඔවුන් එකඟ වී ඇත්තේ.

ඒ අනුව මාස 03 කට අවශ්‍ය සහල් මෙම ආයතනවල ප්‍රාදේශීය වෙළඳසැල් ජාලය හරහා දිවයින පුරා මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වනවා.

එසේම පුරන් කුඹුරු ඉවත් කරමින් එම පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කළා.

ඒ අනුව දැනට පුරන් කුඹුරු අක්කර ලක්ෂයක් පමණ මෙරට තුළ පවතින අතර, ඉන් කුඹුරු අක්කර 28,000ක් දිවයිනේ ගොවිජන සේවා බල ප්‍රදේශ 320 කදී අස්වැද්දීම මේ හරහා සිදු කිරීමට නියමිතයි.

 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top