අප්‍රේල් මස පළමුවනදා සිට නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 93 කටත්, සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 95 කටත් අලෙවි කිරීම සඳහා රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සුපිරි වෙළදසැල්, සතොස සහ සමූපකාර හරහා එම මිලට සහල් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
සතොස සභාපති, සමූපකාර කොමසාරිස් හා සියළු සුපිරි වෙළදසැල් වල ප්‍රධාන විධායක නිලධාරීන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අතර ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.
අදාළ මිල ගණන් යටතේ වී අලෙවි මණ්ඩලය හරහා ලබාදෙන සහල් අලෙවි කිරීමටයි එහිදී ඔවුන් එකඟ වී ඇත්තේ.
ඒ අනුව මාස 03 කට අවශ්‍ය සහල් මෙම ආයතනවල ප්‍රාදේශීය වෙළඳසැල් ජාලය හරහා දිවයින පුරා මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වනවා.
එසේම පුරන් කුඹුරු ඉවත් කරමින් එම පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කළා.
ඒ අනුව දැනට පුරන් කුඹුරු අක්කර ලක්ෂයක් පමණ මෙරට තුළ පවතින අතර, ඉන් කුඹුරු අක්කර 28,000ක් දිවයිනේ ගොවිජන සේවා බල ප්‍රදේශ 320 කදී අස්වැද්දීම මේ හරහා සිදු කිරීමට නියමිතයි.