පෙර පාසල් ගමනින් අවසන් වූ ජීවන ගමන
Friday, 26 March 2021 - 8:41 | Views - 663
වැල්ලවාය ඇල්ල මාර්ගයේ හුණුකැටිය හංදිය ප්‍රදේශයේ දී ඊයේ (25) දහවල් සිදු වූ රිය අනතුරකින් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.මෙසේ මියගොස් ඇත්තේ පරගහආරව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 5ක් වන දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.පෙර පාසල අවසන් වී නිවෙස් බලා යන ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයේ දොර හදිසියේ විවෘත වීමෙන් අනතුර සිදුවී ඇති බවටයි මූලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අද (26) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article