කොවිඩ් නිසා පාසල් දෙකක් අදත් වැසේ
Friday, 26 March 2021 - 8:15 | Views - 283
තංගල්ල - වීරකැටිය ප්‍රදේශයේ පාසල් ගුරුවරියක කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ එම ප්‍රදේශයේ පාසල් 4 ක් ඊයේ සහ අද දෙදින වසා තැබීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.
අදාළ ගුරුවරියගේ ආශ්‍රිතයන් 13 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති අතර, ඇගේ සැමියාට අයත් සුපිරි වෙළඳසැලක් ද වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ.
Share This Article