ලාංකික, ජපන් පෙම් යුවළ මව්පිය පදවි ලබයි
Wednesday, 24 March 2021 - 14:48 | Views - 29,777
ජපන් ජාතික තරුණියගේ දරු ප්‍රසූතය ගැන කසුන්ගේ අම්මා,
හැඟීම්බරව හිරුට හෙළි කළ කතාව මෙන්න...

කාගෙත් කතාබහට ලක්වුණු ජපන් ජාතික තරුණියක්, මෙරටට රැගෙන ආ කසුන්, පෙරේදා පිය පදවිය ලබා තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලකදී යි.

සෝරා නම් මෙම ජපන් ජාතික තරුණිය, කසුන් විසින් මෙරටට රැගෙන විත් තිබුණේ දැඩි නීති රෙගුලාසි පවා උල්ලංඝනය කරමිනුයි.


කෙසේ නමුත් මෙම පෙම්වතුන් යුවළ කාලයක් ගත වූ පසු, පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ වන විටත් සෝරා ගැබ්ගෙන සිටි බවයි වාර්තා වුනේ. බාලවයස්කාර තරුණියක් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් කසුන්ට චෝදනා එල්ල වුණා.

එම තරුණිය සඟවාගෙන සිටි බවට කසුන්ගේ මවට හා නැගණියටත් චෝදනා එල්ල වුණා.

මොවුන් සියලු දෙනාම මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ද ගනු ලැබුවා. ඒ පිළිබඳව නඩු කටයුතු තවදුරටත් පැවැත්වෙනවා.

තම දියණියව කසුන් විසින් බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති බවට සෝරාගේ මව විසින්, ජපාන පොලිසිය හරහා මෙරට පොලිසියට පැමිණිලි කර තිබුණා.

මොවුන් අත්අඩංගුවට පත් වෙන්නේ එම පැමිණිල්ල අනුව යි.

පොලිස් අත්අඩංගුවට පත් ගැබ්ගෙන සිටි සෝරා අධිකරණය විසින්, පරිවාස භාරයට පත් කරනු ලැබුවා. දරු ප්‍රසූතියට සතියකට පමණ පෙර උසාවිය මඟින් සෝරාව නැවතත් කසුන්ට ලබා දී තිබෙනවා.

ඒ අනුව, මීට දින තුනකට පෙරදී සෝරා තම කුළුඳුල් දරුවා මෙලොවට බිහි කර තිබෙනවා. ඒ පිරිමි දරුවෙක්.

මෙම සම්බන්ධයට දැඩි විරුද්ධව සිටි සෝරාගේ මව, මේ වන විට මෙම දෙපළට ආශිර්වාද කරමින්, සෝරාගෙ සියලු වියදම් පවා ලබා දී ඇති බව කසුන්ගේ මව හිරුට පැවසුවා.

කෙසේ වෙතත්, තවමත් මොවුන් විවාහ වී නැහැ. ඊට හේතු වී ඇත්තේ සෝරා තවම බාලවයස්කාර දැරියක වීමයි.

නමුත් ජපානයේ නීතියට අනුව, සෝරාගේ වයස විවාහ වීමට බාධාවක් නොවේ.

ඒ අනුව, සෝරාගේ මව විසින් මේ වන විටත් ජපානයේ නීතියට අනුව මොවුන් ව විවාහ කර දීමට අවශ්‍ය සියලු නීතිමය පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා.

ජපානයේ විවාහ සහතිකයත් තානාපති කාර්යාලය හරහා මෙරටට එවා ඇති බව ද සඳහන්.

එම විවාහ සහතිකය මෙරට අධිකරණය විසින් පිළිගත් පසුව මෙරට පිහිටි ජපන් තානාපති කාර්යාලයේදී මෙම සුන්දර විවාහ ගිවිස ගැනීම පැවැත්වෙනු ඇති.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top