බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 වන සඳුදා සිට ආරම්භ කිරීම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළා.
බස්නාහිර පළාතේ රජයේ පාසැල්වල 05, 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉකුත් 15 වනදා ආරම්භ කෙරුණු අතර සෙසු ශ්‍රේණි ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 19 වනදායි.
එමෙන්ම බස්නාහිර පළාතේ පෙර පාසල්ද මාර්තු 19 වන දින ආරම්භ කෙරෙනු ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.