බස්නාහිර පාසල් වල සියලු ශ්‍රේණි ආරම්භය ඉක්මන් වන ලකුණු
Wednesday, 24 March 2021 - 10:58 | Views - 1,366
බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 වන සඳුදා සිට ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍ය අමාත්‍යංශ නිර්දේශ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා වෙත මේ වන විටත් භාර දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළා.

එම නිර්දේශයන්ට අනුව බස්නාහිර පළාතේ මෙතෙක් වසා දමා තිබූ පෙර පාසැල්ද ආරම්භ කිරීමට අවසර ලැබෙනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වරයා වැඩි දුරටත් සඳහන් කලේ බස්නාහිර පළාතේ පාසැල්වල, සියලු ශ්‍රේණි විවෘත කිරීම සඳහා වන අවසන් තීරණය ගත යුතුව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් බවයි.
 
ඒ අනුව අදාළ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ වන දිනය සම්බන්ධයෙන් අද දිනයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ.

බස්නාහිර පළාතේ රජයේ පාසැල්වල 05, 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉකුත් 15 වනදා ආරම්භ කෙරුණු අතර සෙසු ශ්‍රේණි ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 19 වනදායි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top