ඡායාරූප එවීම ආරම්භ කළ"අමල්",
Monday, 15 February 2021 - 13:57 | Views - 10,845

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්යය පළමු වරට අඟහරු ග්රහලොව ගවේෂණයට යැවූ ‘අමල්’ නමැති රොබෝ ගවේෂණ යානය, අඟහරුගේ ඡායාරූප එවීම ආරම්භ කර තිබෙනවා.‘අමල්’ යන්නෙහි අර්ථය බලාපොරොත්තුව යන්නය. මෙම රොබෝ යානය අඟහරුගේ කක්ෂයට පිවිසියේ පසුගිය 9 වැනිදාය. අඟහරුගේ ඡායාරූප ලබා ගැනීම, වායුගෝලය අධ්යයනය කිරීම අමල්ගේ අරමුණ වී තිබුණා.අඟහරුගේ රහස් රැසක් අනාවරණය කර ගැනීමට ‘අමල්’ රොබෝ යානයට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා.එය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්යය ලැබූ ඓතිහාසික ජයග්රහණයක් වගේම අරාබි රාජ්යයකින් අඟහරු වෙත යැවුණු පළමු ගවේෂණ යානය වන්නේ ද ‘අමල්’ ය‘අමල්’ යානය රැදී සිටින්නේ අඟහරු මතුපිට සිට කිලෝ මීටර් 24,7000 ක් ඉහළ කක්ෂයේය. මෙය අඟහරු කක්ෂයේ රැදී සිටිමින් අඟහරු වටා ගමන් කරනු ලබනවා. අඟහරුගේ එක් වසරක් යනු දින 687 ක් වන අතර, ‘අමල්’ යානය වසරක කාලයක් අඟහරු ගවේෂණය කිරීමට නියමිතය.‘අමල්’ යානය අඟහරු වෙත යැවීම සිදුවූයේ පසුගිය වසරේ ජූලි මාසයේය. පසගිය වසරේ ජූලි මාසයේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්යය පමණක් නොව, චීනයත් ඇමෙරිකාවත් අඟහරු වෙත රොබෝ යානා යැවීම සිදු කළේය. ඒ, අඟහරු පෘථිවියට සමීපව පිහිටි අවස්ථාවේදීය.චීනය යැවූ රොබෝ යානය කොටස් 3 කින් සමන්විත වන අතර, කක්ෂීය යානයක්, පතිත කරවන යානයක් සහ රොබෝ රෝවර් යානයක් ඊට ඇතුළත්ය. චීන යානය අඟහරු කක්ෂයට ඇතුළු වූයේ පසුගිය 10 වැනිදාය. එලඹෙන 18 වැනිදා ඇමෙරිකන් ගවේෂණ යානය අඟහරු මතට පතිත කිරීම සිදුවනවා.
ඩුබායිහිදීය (රොයිටර්)
ලංකාදීප
Share This Article