සම්බාහනය සොයන්නන් මැද තනිවුණු යුවතියකගේ, වැදූ මවයි ,සිය සැමියයි හමුවේ දිගහැරුණු අදුරු සෙවනැළි..,
Saturday, 23 January 2021 - 8:45 | Views - 1,779
“මගේ මිනිහවයි මාව වදපු අම්මවයි මරන්න තරම්
කේන්තියෙන් මම මන්නෙ අරන් උන්ව පැන්නුවා..”
 
“මගේ අම්මා තරුණ ගෑනියෙක් වගේ පිස්සු විකාරෙන් හැසිරිලා තියෙන්නේ.”

පළවැනි කොටස මෙතනින්....
 
ගැහැනු ආදරේට ලෝබයි. මම දැනන් හිටියා උන් ආදරේ වෙනුවෙන් ඕනෑම “කැපකිරීමක්” කරන්න සුදානම් විත්තිය. පිරිමින්ගේ මයිල් ගස් අස්සේ “මෙරිගෝ රවුන්ඩ්” යන ගමන් උන්ගේ බර අවිවල දැඩි ප්‍රහාර-වලට ලක් වෙන උනුන් මේ “උප්පත්තියට” ශාප කරන්න ගන්නවා.
 
සහතිකවම! උන් විශ්වාස කරනවා, ගෑනු වෙලා ඉපදෙන එක “මහ පවක්” කියලා. සෙනුරි කියන්නෙත් එහෙම... ඈ අමුණන්න ගන්න “දීර්ඝ කතාන්දරයේ” හැම තැනකම වගේ තිබුණේ හීන් ඉකිබිඳුම්... ආයෙ ආයෙම ඒ රිදුම් තැන් ඈට දැනෙන්න ගන්නවා. ඈ පපුව පිරිමදින්න ගන්නවා.

“අයියා (මේ කියන්නේ ඈ විවාහ වෙලා ඉන්න සැමියා ගැන) රජයේ රස්සාවක් හොයාගත්තා. ඒකෙන් පස්සෙ අම්මයි මායි හිටපු ගෙදරම එයා නැවතුණා. ඒත් මල්ලි.... මගේ විවාහ ජීවිතේ හිතුව තරම් සුන්දර එකක් වුනේ නෑ. පැය විසි හතරෙම අයියයි මායි රංඩු වුණා, මරා ගත්තා. එහෙව් සමහර දවස්වලට මම ජීවිතේ නැතිකරගන්න පවා උත්සහ කරලා තියෙනවා. අර කිරි සප්පයාට තියෙන ආදරේට, මම ඒ දරුවව බදාගෙන උගේ වද හිංසා ඉවසුවා....” ඈ ටිකකට නැවතුනා. ඇගේ ඇස් බැමි ඉහළක ඉන්දුනා. ටිකකින් කෙළවරක තියෙන බුදු පිළිමයක් දිහා බලාගෙන ඈ හීල්ලූවා.


 
 
“අර ඉස්කෝලේ කාලේ ලියුම් ලියපු, පස්සෙන් ආපු, අන්තිමට කුසට දරුවෙක් දීපූ, අමාරුවෙන් රජයේ රස්සාවක් හොයාගෙන, දැන් ළඟටම වෙලා ඉන්න ආපූ ඒ මනුස්සයා එකපාරම වෙනස් වෙන්න හේතූ තිබුණාද...?” එක ප්‍රශ්නයක් වෙනුවට ප්‍රශ්න තුන හතරක්ම. (මම පිළිගන්නවා! ඒක හෙන අසාධාරණයි!!)


 
“මගේ මිනිහට මම දීපූ ආදරේ හොඳටෝම මදි වුනා. ඒක මට තේරුණා සමහරක් දවස්වලට.... එයා මගේ ළඟින්වත් ඉන්න ආස නැතිකොට. ගෑනියෙක් ආසයි පැල් බැඳගෙන පපුවට උහුලන්න බැරි තරමේ ආදරේ විඳින්න. ඒත් මම ආස කරපු අයියා නෙවෙයි එතැන තවදුරටත් හිටියේ. මම දැනගත්තා එයා මට හොරෙන් තවත් කෙනෙකුට ආදරේ කරන විත්තිය. ඒත් ඒ කෙනා..... දෙයියනෙ...!! ඒ කෙනා කවුද කියලා ඇහුවොත්......? ඔයාට නම් පුදුම හිතෙයි......................!!” ඈ අතේ තිබුනු දුරකථනය තදින් පහුරු ගාන්න ගත්තා ඇගේ දිග නිය තුඩු වලින්. ටිකකින් ඒකේ තිබුනු රූප තහඩු දෙක තුනක් ඇතුළටම ඈ එබුණා. මම දැක්කා ඇගේ ඇස් කොණක වහපු කඳුළු කුරුල්ලව. වේගයෙන් ඈ එක්කම ඒ හාදයා පහළට පියාඹගෙන එන විදිහ................
 
“කවුද...?” මම ප්‍රශ්නාර්ථ බොහෝමයක් ඈ ඉදිරියේ තැබුවා. ඈ තාමත් මගේ දිහා බලාගෙන....
 
“කවුරු කියලද හිතන්නේ..?” පිළිතුරක් වෙනුවට තවත් ප්‍රශ්නයක්. (මේක බෝරිං වෙන්න යන්නේ.)


 
“මට හිතාගන්න බෑ.. ටිකක් ඉන්න! අපි අනුමාන කරමු. එක්කෝ වැඩ කරන තැන කෙල්ලක්.. නෑ නෑ එහෙම වෙන්න විදිහක් නෑ.. වෙයිට්....! මම හිතන්නේ අල්ලපු වැටේ කෙල්ල.... ඔයා දැන් කියන්න හදන්නේ අල්ලපු වැටේ කෙල්ල එක්ක ඌ මුකුළු කරද්දි........”
 
“අපෝ නෑ දෙයියනේ....!” ඈ මොර දුන්නා.
 
“එහෙනම්... මට නම් හිතාගන්න බෑ.... කවුද ඒ හිතාගන්න බැරි කෙනා...? පොඩ්ඩක් ඉන්.....න... දෙයියනේ...!! ඒ මම හිතන කෙනාමද?” මගේ ඇස් පුංචි වුණා. සෙනුරි (ඔව්! මේ ඈ තමා.) ඇගේ ඇඟිලි තුඩු සේරෝම එකට කරලා බැඳගත්තා. හිටෝපු ඇගේ කොණ්ඩ ගස් පාතට ඇද වැටුණා.
 
“ම්ම්ම්ම්... ඒ මගේ අම්මා.....................” මම හීතල වෙලා ගියා. (දෙයියනේ!! මට ඒ වෙලාවේ දැනිච්ච හැඟීම!)
 
“වට් ද.................................... අම්මා...!! ඔයාගෙම..... යු මීන්.....”
 
“ඔව්... මාව කුසේ තියන් වදපු අම්මා එක්ක මගේ මිනිහා බුදියගෙන... අහන්න එපා තවත් ඒ ගැන... මම මගේ කතාවේ අකැමැතිම කොටස ඒක... මට දුක නෑ මගේ මිනිහා මාව දාලා ගියාට. ඒ ගිහින් ඕනෑම විදිහේ ගෑනියෙක් එක්ක හිටියට... ඒත් දෙයියනේ...!! මගේම අම්මා එක්ක... විශ්වාස කරන්න පුළුවන්ද ඒක...? මගේ මිනිහායි මායි ඉන්න ඇඳේ මහ රෑ තදියමේ ඇහැරිලා බලද්දි මම දැක්කා එතැන කවුරුත් නැති බව..... ඔව් මල්ලි... මම එදා රෑ දකින්න හොඳම නැති දෙයක් මේ ඇස් දෙකෙන් දැක බලාගත්තා. එදා මම විළාප තියලා ඇඬුවා. මගේ මිනිහවයි මාව වදපු අම්මවයි මරන්න තරම් කේන්තියෙන් මම මන්නෙ අරන් උන්ව පැන්නුවා. ඒත් මට කොහෙද හයියක් අර හැඩි දැඩි පිරිමියා එක්ක ඔට්ටු වෙන්න....” ඈ යන්තමින් හිනාවුණා. අයිෆල් කුළුණ එහෙම් පිටින්ම බිම පත බෑවුණා. රැස් කකා උන්නු හැම එකාලම වගේ “මාරාන්තික බෝම්බ ප්‍රහාරය” හමුවේ අඩපණ වුණා.
 
“මම තාමත් අතරමං වෙලා වගේ....” මම ඇත්තම කිව්වා. ඈ හිනා නොවීම ටිෂූ කඩදාසියකට කඳුළු එක්කහු කෙරුවා.
 
“මට මගේ මිනිහටත් වඩා වදපු අම්මව පිළිකුල් වුනා. දන්නවද මල්ලි.... මගේ අම්මා අයියාට කවදාවත් කැමති වුනේ නැහැ. එයා එක්ක මම පැනලා යද්දි මට කීයක් කතා කිව්වද? ඊළඟට මගේ දරුවව විකුණන් කන්න ප්ලෑන් කළා. ඔය හැමදේම කරලා අයියා අපේ ගෙදර ආවමත් කොයි තරම් වෙනස්කම් කළාද? රංඩු කළාද, මරාගත්තද? එහෙම හිටපු දෙන්නා මටත් හොරෙන් බුදියනවා. හිතන්න මල්ලි මට ඒක කොයි තරම් ලොකු පීඩනයක් වුණාද කියලා.... මට මගේ අම්මා කියන කෙනාව අප්පිරියා සහගත වුණා. මම කියන්න බයත් නෑ, ලැජ්ජත් නෑ. පව් පිරෙනවා නම් පිරිච්චාවේ. අපායේ යනවා නම් පලච්චාවේ... මම මගේ අම්මව මරන්න හදලා තියනවා. මට හිතුණා ඒ අම්මා කියන කෙනා මේ ලෝකෙන් තුරන් කරලා දාන්න.... ඇයි මගේ අම්මා මට මෙහෙම කළේ. අන්තිමට මම තීරණයක් ගත්තා.....”
 
“අයියගෙන් දික්කසාද වෙන්න..” ඒක නිකන්ම අනුමානයක් විතරයි.
 
“ඔව්...! ඩිවෝස් වෙන්න ඕනි වුණා මට. මගේ අම්මටයි එයාටයි ඕනෑ හැටියට නටන්න ඇරලා දරුවවත් අරන් මට යන්න ඕනි වුණා. ඒත්... අයියා ලැජ්ජාවටම ගෙදරින් යන්න ගියා. ඊට පස්සෙ තමයි යුද්දේ පටන් ගත්තේ. අම්මා අයියා නැති තරහා මගේ පිටින් යැව්වා. මට ගැහුවා, මැරුවේ නැති එක විතරයි. මට තවත් ගෙදර ඉන්න එක තිත්ත වුණා. ඔය අතරේ තමයි අයියා මගේ හිත හැදෙන්න කතා කළේ. එයාට ඕනි වුනා වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න. මමත් ඒ වෙලාවේ පුංචි දරු පැටියා එකක් තනිවෙලයි හිටියේ. ඒ නිසාම මිනිහට සමාව දෙන්න හිතුවා. මම නඩුව ඉල්ලා අස් කරගත්තා. අපි කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුද්දක් දෙකක් හිටියා....”
 
“හැමදේම හොඳින් සිද්ධ වෙන්න පටන් අරගෙනද?” ඒ වෙද්දි හීනි වැහි පොදක් වැටෙමින් තිබුණා. ශරීරයට සනීප දෙන්න ගන්න හුළඟත් එක්කලා තද කේන්තියකින් මා ඉදිරියේ ඉන්න ගැහැනිය ඇගේ කොණ්ඩ ගස් පරිස්සමට බැඳගත්තා. ඇගේ හිස කේ අස්සෙ රැඳුනු අළු පාට “කොණ්ඩ කටුව” ඈට අපූරූ දිස්නයක් දුන්නා.
 
“කාලයක් ගිහින් මට දෙවනි දරුවාත් ලැබුණා. හැමදේම හොඳින් සිද්ධ වෙමින් තිබ්බේ. කොටින්ම අපේ නැදෑයෝ පාවා අයියයි මායි එක්ක හිතවත් වුණා හොඳටම. අපිට සමාජ ආශ්‍රය තිබුණා. ඒත්...... එකපාරම ආයෙම හැමදේම වෙනස් වුණා. එක දවසක්.. මොකද්දෝ හේතුවකට මට හොස්පිට්ල් නතර වෙන්න වුනා. එදා මමයි අයියයි ෆෝන් දෙක මාරු කරගත්තා... ඊට පස්සෙ තමයි මට හැමදේම අහුවුනේ....” ඇය වේගයෙන් හුස්ම ඉහළ පහළ හෙළනවා.
 
“මොනාද අහුවුනේ...?” මම සෑහෙන කුතුහලයකින් “බටර් ජෙල්” පෑන තදින් හපා ගත්තා.
 
“මගේ මිනිහගෙයි අම්මගෙයි සම්බන්ධේ නතර වෙලා නැහැ. ඒක දිගටම තිබිලා. ඒකේ තිබ්බා මගේ මිනිහයි අම්මයි මැසේජ් කරපුවා. දෙයියනේ...!! ඒවා මේ විදිහට කියන්න පුළුවන් දේවල් නෙවෙයි. මගේ අම්මා තරුණ ගෑනියෙක් වගේ පිස්සු විකාරෙන් හැසිරිලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. මගේ ජීවිතේ සිද්ධ වෙන හැමදෙයක්ම අඩුවක් නැතුව මේ මිනිහා අම්මාට යවලා...... එදා මම තීරණයක් ගත්තා. ආයෙම මේ කළුවරේ අතරමං වෙන්නෙ නෑ කියලා....”

 
“ඔයා යනවා...?”
 
“මම මගේ අලුත උපන් දරු පැටියවයි අනිත් දරුවවයි දාලා කොළඹ ආවා. මට උන්ව දාලා එන්න හිත දුන්නේ නැතත්, ඒ වෙලාවේ මගේ හිතේ තිබුනු හැඟීම, ඒ පිළිකුල.... ඒ අප්පිරියාව මාව පෙළඹෙව්වා එතනින් පැනගන්න. ඒ එද්දි මගේ අතේ හරියටම රුපියල් හතළිස් දාහක් විතරයි තිබ්බේ....”
 
“කොළඹට ආපු සෙනුරිට මොකද වුනේ...?” මම ඇගේ පෙරළෙන තොල් පෙති දිහා බැලුවා. ඈ ඒවායේ වේගය පාලනය කරගන්න උත්සහ ගන්නවා. අපි හිටපු “රෙස්ටූරන්ට්” එකේ ටකරමකට වේගයෙන් කඩා පාත්වෙන වැහි බීරුමක් නොනවත්වා ගිගුරුම් දෙන්න ගත්තා.
 
“ඊළඟ එපිසොඩ් එක දැන්ම ඕනිද..?” ඈ හොඳම තැනින් ඒක නවත්තන්නයි හදන්නේ. මම නෝට් බුකිය ආපහු වතාවක් වැහුවා.
 
“ටිකකින්.....”
 
ඊළඟට ඈ එතැනින් නික්මුණා. ආකාසේ ඉකි ගහන්න ගත්තා.

By Samitha Lakshan

 මතු සම්බන්ධයි.


(මෙම කතාවේ එන නම් ගම් සහ ඇතැම් සිදුවීම් ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කොට ඇති බව කරුණාවෙන් සලකන්න.)
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top