සම්බාහනය සොයන්නන් මැද නොදුටු කදුලක බර..
Friday, 22 January 2021 - 13:22 | Views - 766
“අයියට ජොබ් එකක් හොයලා දෙන්නම්,
ඔයාගේ අතට ලක්ෂ තුනක් දෙන්නම්, අපිට බබාව දෙන්න”
 
“නංගි මේ 500 අරන් මෙහෙන් පැනගන්න. එයාලා ඔයාගේ බබාව ගන්න හදන්නේ...”
 
“මම ගල්කිස්සට ඇවිල්ලා ඉන්නේ... කියනවද තව කොච්චර වෙලාවක් යනවද කියලා...?”
 
මිනිත්තු තිහ හතළිහ ගෙවුනා. ඊටත් පස්සෙ..... හරියටම මම උන්නු තැනම නැවතුනු “රෝද තුනක්” දිහා මම ආයෙම බැලුවා. ඔව්! ඒ ඈ වෙන්න ඕනි..!! මම ඈ දිහා විපරම් කෙරුවා. හිටවාපු කොණ්ඩ ගස්. ඒවායේ දැවටෙන්න ගන්න හුළං කැරලි, සිංදු කියන්න පටන් ගත්තා. ඇගේ තොල් පෙති තද රෝස පැහැයෙන් වර්ණ ගන්වලා තිබුණා. (විශ්වාස කරන්න! මේ මම හිතුවාටත් වඩා වෙනස් රූපයක්.)

“මල්ලි ඔයා නේද කෝල් කළේ...?” ඈ හඬ අවදි කෙරුවා. ඈ ළඟින් හමන අමුතු පුසුඹ නාස් පොලු කඩා බිඳගෙන දුවන්න ගත්තා.
 
“ඔව්...... මට කියන්න අපි කතා කරන්නේ කොතනද..?”
 
බීච් එකේ කෙළවරම තැනකට හේත්තු වෙන්න ඈ ආස කළා වුණත්, කොන්ක්‍රීට් තට්ටුවකට “බරදීම” මගේ කතාවේ “කටුසටහන” ලියාගන්න මට පහසුවක් බව, මම ඈට පැහැදිලි කළා.
 
“ඔයාට ඕනි ස්පා ගැන දැනගන්නද? නැත්තම් ලයිෆ් ස්ටෝරියක්ද?” (ඈ මාරයි.)
 
“අයි තින්ක්..... ලයිෆ් ස්ටෝරි....” මම “බටර් ජෙල්” පෑන අතට අතට ගත්තා. “මේ පෑන ඉවර වෙන්න තරම් දිග වුණත් අවුලක් නෑ....”
 
“අපි යමුද අනුරාධපුර පැත්තට....”
 
“ඒකද ඔයාගේ ගම..?” මම අහනකොට ඈ හිස වැනුවා. ඇගේ අතේ ගුලි ගැහිච්ච තුන්වැනි ටිෂූ කඩදාසියත් ඉවතට වීසි වුණා.


 
“ඔව්....! මම ජීවත් වුනේ අම්මත් එක්ක... ඒ කියන්නේ මගේ තාත්තායි අම්මයි දෙපැත්තක හිටියේ. ඒ දෙන්නා ඩිවෝස්..... අම්මා ඒ අස්සේ දෙවැනි කසාදෙත් කරගත්තා. එයාලා කොහොමත් මට ඈතින් හිටියේ. කොටින්ම... අම්මගේ තාත්තගේ ආදරේ ගැන කියන්න ලියන්න මම ලොකුවට දන්නෙ නෑ. ඒත් මට මගේ මාමලා නැන්දලා ආදරේ කළා. මං ගැන හොයලා බැලුවා. ඒ අය ළඟ තමයි මම හැදුනේ. ආ.... කියන්න බැරිවුණා. මම බ්‍රයිට් කේස් එකක්. ඒ කියන්න මම ඉගෙන ගන්න හුඟක් දක්ෂයි... කොහොම හරි කාලයත් එක්ක අම්මාගේ අලුත් හස්බන් නැතිවුනා. ඒ අතරෙදි තමයි මට මගේ ජීවිතේ වෙනස් කරපු ආදරවන්තයාව මුණ ගැහෙන්නේ.......!”
 
“ආදරවන්තයා...?” ඈ අතේ තිබුනු පැණි බීම බෝතලෙන් භාගයක් ඉවර කෙරුවා. ඊටත් පස්සෙ එහා පැත්තේ මේසයේ වාඩිගත්තූ පෙම්වතුන් දෙන්නෙක් දිහා බොහෝම ආදරෙන් බලාන හිටියා. (ඔව් ගෑනු දස්සයි මවා පෑම් වලට.) මම ආයෙම ඈ කතාව පටන් ගන්නකන් බලාගෙන හිටියා.
 
ඔව්! ඈ ආයෙම ඒක පටන් ගන්නයි හදන්නේ......!!

 
 
“අපේ ආදරේ පටන් ගත්තේ ලියුම්වලින්...ඒ විදිහට පටන් ගත්ත ආදර කතාවට අපේ අම්මලානම් කැමති වුනේ නෑ. මේ නිසාම මම ඒ දවස්වල පිස්සු නැටුවා හරියට. කියන්න ලැජ්ජ නෑ, ජීවිතේ නැති කරගන්න පවා හැදුවා... ඔය ඔක්කොම අස්සේ මාස ගාණක් ඉස්කෝලේ යන්නෙත් නැතිව මම ඕලෙවල් හොඳින් පාස් වුණා. විශ්වාස කරන්න මල්ලි, ස්කූල් එකේ බෙස්ට්ම රිසාල්ට් තිබ්බේ මට... ඊළඟට මම වාණිජ වලින් උසස් පෙළ කරන්න ගත්තා....”
 
“ආදර කතාවට බාධා එන්න ඇති....”
 
“අයියා මට කැමතියි ආදරෙයි. ඒත් එයා මාව බඳිනවා කියන තැන හිටියේ නෑ. මට ඕනි වුනේ කොහොමහරි එයා ළඟට එන්න. ගෙදර තියෙන ප්‍රශ්නත් එක්ක මම හිරවෙලයි හිටියේ.... මම එයාගේ ඇගේ එල්ලිලා බල කරනකොට, එයාවම ඕනි කියනකොට..... එයා කැමති වුණා මාව එක්කන් යන්න... අන්න ඒක තමයි මම ජීවිතේ ගත්ත ගොන්ම තීරණය.......”
 
ඇය ටික වෙලාවක් නිහඬව ඉඳගෙන අතීතය අමුණ ගත්තා. ඒ කියන “අතීත කතාව” කොයි තරම් බිහිසුණු ඝනයේ එකක් වුණත් ඈ ඒක කියන්න සුදානමින් හිටියා. ඊළඟට පැණී බීම බෝතලේ අහවර කරපු ඈ ආයෙම ඒ වන්දනාව පටන් ගත්තා.
 
“මම පැනලා යද්දි මට අවුරුදු දහ අටයි. පළවැනි මාසෙම මම ප්‍රෙග්නට් වෙනවා. මම තීරණය කළා ආයෙම අම්මා ළඟට යන්න. අම්මා දැනගත්තා මම ප්‍රෙග්නට් බව. එයාට ඕනි වුණා දරුවව නැති කරන්න. මොකද එයා අයියට කැමති නෑ... ඉතින් එයා මට බෙහෙත් ගෙනත් දුන්නා දරුවාව නැති කරන්න. එයා මාව බය කෙරුවා ඩිලිවරි කරන එක ගොඩක් අමාරුයි කියලා. ඒත් මම කැමති වුනේ නෑ දරුවව නැති කරන්න. අයියට හරි හමන් රස්සාවක් නැතත්, දරුවව නම් නැති කරන් නෑ කියන නිගමනේ මම හිටියා......”

 
 
“ඊළඟට...?” මම ආයෙම පිටුවක් පෙරළගන්නකන් ඈ මුනිවත රැක්කා. ඉතින්... මම අලුත් පිටුවක් පෙරළ ගත්තා. ඈ කතාව පටන් ගත්තා.
 
“අම්මා මාව කොළඹ ගෙදරක නැවැත්තුවා. ඒ ගෙදර හිටියා ජෝඩුවක්. මට ලොකු වෙනසක් අමුත්තක් දැණුනා. ඒත් මම ඒ ගැන නොහිතා හිටියා. එතකොට මට බබා හම්බෙන්න ළඟයි. අම්මත් කවදාවත් නැති ආදරයක් මට පෙන්වන්න ගත්තා. එක දවසක් අර ජෝඩුවයි අම්මයි ආවා මාව බලන්න... නිකන් නෙවෙයි කිරි පිටිත් අරගෙන.... මම ඇහුවා කාගෙන් අහලද බබාට කිරිපිටි දෙන්නෙ? මට කිරි තියනවනේ කියලා...”
 
“ම්ම්ම්ම්ම්...?”
 
“ඒ වෙලාවේ තමයි මට ඇත්ත තේරුණේ. අර දෙන්නට උවමනා වෙලා තිබුනේ මගේ බබාව ගන්න. උන් කිව්වා, අයියට ජොබ් එකක් හොයලා දෙන්නම්, ඔයාගේ අතට ලක්ෂ තුනක් දෙන්නම්, අපිට බබාව දෙන්න කියලා... ඒ වෙද්දි ඒ නරුමයෝ දෙන්නා දරුවාගේ අම්මයි තාත්තයි විදිහට උප්පැන්නෙත් හදලා ඉවරයි. මට තරහාක් ඇති වුනේ මාව වදපු අම්මත් ඒකට සම්බන්ධ වුනු නිසයි. මගේ පළවැනි ඩිලිවරි එක ගොඩක් අමාරු උනා. බබා ලැබුණට පස්සෙ තමයි අර දෙන්නගෙම නංගි කෙනෙක් ඇවිත් මට කතා කළේ. නංගි මේ 500 අරන් මෙහෙන් පැනගන්න. එයාලා ඔයාගේ බබාව ගන්න හදන්නේ... ඉක්මණින් යන්න මේ දැන්ම...! කියලා එයා කිව්වා..”
 
ඈ කතාවේ අතරමඟක හිරවුණා. මම දැක්කා ඇගේ ඇස් තෙතබරිත වෙන හැටි. ඈ ඒ අතීතයට ශාප දෙන හැටි. ටිකකින් ජංගම දුරකථනය ඇතුළේ ඉන්න පුංචි එකාව පිරිමදින හැටි.................
 
“ඔයා පැන්නා....?”
 
“මම අතට අහුවුනු රෙදි ටික අරගෙන, දරුවත් එක්කම හොස්පිට්ල් එකෙන් පැන්නා. මට දුවන්න බෑ, ක්ලාන්තේ වගේ. යන්නෙ එන්නෙ කොහෙද කියලවත් මම දැනන් හිටියේ නෑ. අම්මා මාව හොයාගෙන ස්ටේෂන් එකට ආවා. එයා දැනගෙන තිබුණා, මම පැනලා යන බව. මම එයාට කිව්වා, මම මගේ දරුවව කාටවත් දෙන් නෑ, කියලා. මගේ දරුවව ගන්න මාන බලපු උන් දෙන්නගේ කාර් එක ස්ටේෂන් එක කිට්ටුවම නැවතිලා තියෙනවා මම දැක්කා.....”

 
“පස්සෙ මොකද වුනේ....?”
 
“දැන්ම කියන්න ඕනිද...?” ඈ පොඩි විවේකයක් ඉල්ලුවා. මම නෝට් බුකිය වැහුවා. තාමත් ඩිංගක්වත් අහවර නොවුනු පැණි බීම බෝතලේ අතට ගත්තා.
 
“ඕකේ...!! පොඩි ඉන්ටවල් එකක්...!!”
 
ඒ වෙනකොට වෙලාව හවස හයට කිට්ටු කරලා තිබුණා.
 
By Samitha Lakshan

ඉතිරි කොටස බලාපොරොත්තු වන්න. 
 
(මෙම කතාවේ එන ඇතැම් නම් ගම් හා සිදුවීම් ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කර ඇති බව කරුණාවෙන් සලකන්න.)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top