සුදු ළූණු
සුදුළුනු බික් 8-10 ක් පමණ ගෙන පේස්ට් එකක් ආකාරයට එන තෙක් ග්‍රයින්ඩ් කර එයට දෙහි යුෂ තේ හැඳි 2ක් පමණ එක්කර එය හිස්කබල මත හොඳින් ආලේප කරන්න. එය මිනිත්තු 30ක් පමණ තිබෙන්නට හැර පසුව උණුසුම් ජලයෙන් සෝදාහරින්න.
ඔලිව් තෙල්
නින්දට යාමට පෙර ඔලිව් තෙල් හිසකෙස් වල අලේප කර ෂවර් කැප් එකකින් හෝ තුවායකින් ආවරණය කරගෙන නින්දට යන්න. උදෑසන දැති සිහින් පනාවකින් උකුණන් ඉවත් වනතුරු හොඳින් පීරන්න. පසුව ඖශධිය ෂැම්පු වර්ගයක් භාවිතා කර ඔබේ හිසකෙස් සෝදා හරින්න.
ලුණු
ලුණු හා විනාකිරි එක ප්‍රමාණයෙන් මිශ්‍ර කර ඔබේ හිසකෙස් මතට එය ස්ප්‍රේ කර ෂවර් කැප් එකකින් ආවරණය කර පැය 2ක් පමණ තබන්න. ඉන්පසු ෂැම්පු යොදා සෝදාහරින්න.
පොල්තෙල්
ඔබේ හිසකෙස් වල සහ හිස්කබලේ පොල්තෙල් හොඳින් ආලේප කර ෂවර් කැප් එකකින් හෝ තුවායකින් ආවරණය කර රැයක් තිබෙන්නට හැර පසුදා උදෑසන දැති සිහින් පනාවකින් පීරා ෂැම්පු කර සෝදාහරින්න.
සුදු විනාකිරි
සුදු විනාකිරි සහ ජලය සමාන ප්‍රමාණයකින් මිශ්‍ර කරගෙන හිස්කබලේ සහ හිසකෙස් වල ආලේප කර තුවායකින් ආවරණය කරගෙන පැය 2ක් පමණ තබන්න. ඉන්පසු හිසකෙස් කොටස් වලට වෙන්කරගෙන දැති සිහින් පනාවකින් පීරන්න. පසුව ෂැම්පු යොදා සෝදාහරින්න.
- අන්තර්ජාලය ඇසුරිණි -
65 Views
96 Views
260 Views
158 Views
130 Views
139 Views
149 Views
142 Views
112 Views
179 Views
126 Views
136 Views
211 Views
240 Views
702 Views
99 Views
86 Views
80 Views
56 Views
54 Views