ශ්රී ලාංකේය ගුවන් විදුලි මාධ්ය කලාවේ දැවැන්තම ප්රාසාංගික අත්දැකීම වන 'හිරු මෙගාබ්ලාස්ට්' අද (24) රාත්රියේ මාතලේ නාඋල මහජන ක්රීඩාංගනයේදී පැවැත්වීමට සියලූ කටයුතු මේ වනවිට සූදානම්.
‘‘ෆ්ලෑෂ්බෑක්’’ සංගීත රිද්මයෙන් හැඩවන මෙගාබ්ලාස්ට් ප්රසංගය නර්තනයෙන් හැඩ කරන්නේ නිට්ටඹුව ඔමායා නර්තන කණ්ඩායමයි.
ජනප්රිය ගී තරු රැසක් එක්වන මෙගා බ්ලාස්ට් ප්රසංගය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීම විශේෂත්වයක්.
ෂෙහාන් මිහිරංග, රුවන් හෙට්ටිආරච්චි, ජයශ්රී , විරාජ් පෙරේරා , කවීෂ කවිරාජ්, උරේෂා රවිහාරි, සුප්රියා අබේසේකර, දිමංක වෙල්ලාලගේ සහ ධනපාල උඩවත්ත යන ජනප්රිය ගායික ගායිකාවන් මෙවර මෙගා බ්ලාස්ට් ප්රසංගයට සහභාගි වනවා.