අක්මාව ආශ්‍රිත රෝග රැසකට ප්‍රත්‍යක්‍ෂ සුවදෙන දේශීය ඖෂධ මෙන්න
Wednesday, 20 June 2018 - 9:29 | Views - 8,430
ජීවිතයේ පැවැත්මට බොහෝ දේ අත්‍යවශ්‍යයි. මේ පැවැත්ම සඳහා අපගේ ශරිරයේ බෝහෝ ක්‍රියාකරකම් සිදු කිරිමට අභ්‍යන්තර අවයව සිදු කරනුයේ මහගු මෙහෙයකි. අක්මාවද එසේ බොහෝ කාර්යන් සිදු කරන ශරිරයේ පවතින විශාලතම අවයවයකි. මේ අනුව සිරුරේ පැවැත්ම සඳහා අක්මාවෙන් සිදුවන කාර්යයන් බොහෝ ඇත.

මින් සිදුවන ප්‍රධානම කාර්යයක් වන්නේ විෂ හරණය වීමයි. අප ගන්නා සියලුම ආහාරවල බොහෝ විස කොටස් ඉවත් කිරිමට උදව් කරනවා සේම එම විස කොටස් තැන්පත් කර තැබීමටද උදව් වේ. විස තැන්පත් විමේ හැකියාව වැඩිවීම නිසා අක්මාව ඉක්මනටම ලෙඩ වීමට ද පුළුවන්.
රුධිරය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රෝටින් කොටස් නිෂ්පාදනයට දායකත්වයක් ලබාදිමද අක්මාව සිදුකරන තවත් කාර්යයකි. ශරිරයට අවශ්‍ය ගුණදායක කොලෙස්ට්‍රරෝල් නිෂ්පාදනයට සිදු කරයි. මේ අනුව සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයන් සඳහා අත්‍යවශ්‍යම අවයවයන්ගෙන් එකක් නිසා අක්මාව නැතිව ජිවත් විය නොහැකිය.
 
ඇතිවන රෝග

අක්මාව අත්‍යවශ්‍ය අවයවයක් වන බැවින් එය ආරක්ෂා කර ගත යුතුයි. ආරාක්ෂා නොවීම නිසා ඇති වන රෝග බොහෝ තිබේ. මේ සඳහා විශේෂයෙන් බලපානු ලබන්නේ අප ගන්නා ආහාරයි. අක්මා රෝග දුරු කිරීමට ජීවන පැවැත්ම නිසි ලෙස ගෙනයාමට වෛද්‍ය උපදෙස් මත ක්‍රමානුකූලව සකසා ගත යුත්තේ ඒ නිසයි. රෝගී වූවන් හා නිරෝගී පුද්ගලයන් නිසි වයසේදී මේ සඳහා මේ සඳහා වෛද්‍ය උපෙදස් මත තම ආහාර හා විහරණ රටා පවත්වා ගත යුතුයි. අක්මාවේ ඇති විය හැකි රෝග අතර සිරෝසිස්, අක්මාවේ මේදය තැන්පත් වීම, සෙංගමාල රෝග තත්ත්වය සහ ආසාදිත රෝග තත්ත්වයන් (උදාඃ හෙපටයිටිස් රෝගය) පෙන්වා දිය හැකියි. ඊට අමතරව අක්මාවේ එන්සයිම ක්‍රියාකාරිත්වය ඉහළ යාමද සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. එවිට අක්මාව ලෙඩ වීම නවතාලිය නොහැකිය.

බලපාන හේතු

මේ සියළු දේටම විශේෂයෙන් බලපානු ලබන්නේ අප ගන්නා තෙල් අධික ආහාර හා මත්පැන් පානයයි.එසේම පිටි බහුල ආහාර ගැනීමද මෙයට බලපාන තවත් විශේෂ වූ හේතුවකි.
 
ඇතිවන රෝග සඳහා ගත යුතු ඹෟෂධීය ආහාර

මේ සඳහා විශේෂ කැඳ වර්ග පානය කිරීම යෝග්‍ය වේ. ආයුර්වේදයේ පෙන්වා දෙන අන්දමට සමහර අවස්ථාවලදී නිසි ලෙස තමා විසින්ම පාලනය වුව හොත් රෝගය මුලිනුපුටා දැමීමටද මෙම ඖෂධීය කැඳ වර්ග ඉවහල් වේ.

යකි නාරං කොළ කැඳ
හීන්බෝවිටියා කොළ කැඳ

මෙයට හීනැටි හාල් සමඟ පොල් කිරි දෙවැනි හෝ තුන්වැනි කිරි දමා සාදා ගන්නගමෙය වඩාත් ගුණ දායක වේග මෙහිදී කොලෙස්ටරෝල් තැන්පත් වීම ඉවත් කරයි. අක්මා සෛල යථා තත්ත්වයට පත් කෙරෙයි.
කොක්මොට කැඳ – මෙහිදී අක්මාවේ එන්සයිම යථා තත්ත්වයට පත් කිරීමට ඉවහල් වේ. සෙංගමාල රෝගීන්ටද ගුණ දේ.
පිටවක්කා කැඳ හෝ පිටවක්කා සම්පූර්ණ ශාකයම තම්බලා බීමට පුළුවන

බක් මී පොතු කැඳ

මොණර කුඩුම්බිය කැඳ හෝ ව්‍යංජනය – විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ මාන්දම් රෝගයේ දී ඉදිමෙන අක්මාව හා තැලසීමියාව නිසා අක්මා ඉදිමෙන තත්ත්වයට සුදුසුයි.

මැල්ලකොල ආහාරයට ගැනීම – විස හරණය කිරීමේ හැකියාව වැඩියි. කොලෙස්ටරෝල් අඩු කරයි.
කැබැල්ල දළු මාළුව – කොලෙස්ටරෝල් අඩු කරයි. අක්මාවේ තෙල් අඩු කරයි.
 
ආහාරයක් ලෙස

දිවුල් ගෙඩි – පොල් කිරිවල දෙවැනි කිරි දමා සාදා ගත් දිවුල් කිරි පානය අක්මාවේ විෂ නසයි. විශේෂයෙන් මත්පැන් විෂ නසයි.
කොත්තමල්ලි පානය (අමුවට කුඩු කරගෙන)

දිවුල් කොළ කැඳ
කරපිංචා කොළ කැඳ

මෙහිදී කැඳ භාවිතයේදී කිතුල් හකුරු සමඟ ගැනීම වඩාත් ගුණදායක වේ.මන්ද යත් කිතුල් හකුරු අක්මාවට වඩාත් ගුණ දායක වන බැවිනි.
 
එළවළු

වට්ටක්කා , කෝමාරිකා ව්‍යංජනය ,මුස්සැන්න ව්‍යංජනයල කිතුල් පිටි කැඳ මුං ඇට තැම්බූ වතුර සහ මුං ඇට සුදුසුයි.
මුං ඇටල කෝමාරිකාල කිතුල් හකුරු එකට දමා සෑදූ කැඳ සෙංගමාල රෝගීන්ට සුදුසුයි. එසේම ගිරා පලා සමඟ මුං ඇට මැල්ලුම සුදුසුයි.
සමහර අවස්ථාවලදී ගැස්ට්‍රයිටීස් කියා පෙන්නුම් කරන්නේ අක්මා රෝගයක් විය හැකියි.නමුත් අප ගැස්ට්‍රයිටීස් යැයි සිතා එයට ප්‍රථිකාර කිරීමට උනන්දු වේ. මේ නිසා අක්මාව ගැනද වඩා සැළකිලිමත් වීම වඩාත් වැදගත් බව සැලකිය යුතුයි.
ඉහතින් දක්වා ඇති සියළුම ආහාරවලට පිත්තාශයේ පවතින ගල් පවා දිය කිරීමේ හැකියාවක් ඇත.
 
වළක්වා ගැනීමට කළ යුතු දේ

ඉහත සඳහන් සියල්ල ඖෂධයක් හා ආහාරයක් වන බැවින් එදිනෙදා ජීවිතයේදී නිරෝගී පුද්ගලයන්ටද භාවිතා කළ හැකියි. ඒ තුළින් මෙවැනි රෝග වළක්වා ගත හැකියි.

උෂ්ණාධික ආහාරවලින් තොරවීම ගුණ දායක වේ.
උදා – ඉස්සෝල දැලලෝල බල මාළු
අන්නාසිල චට්නි තක්කාලි සෝස් වර්ග
තෙල් අධික කෙටි කෑමවලින් වැළැකීම – පැටිස් රෝල්ස් බර්ගර් සොසේජස්
මඳ උණුසුම් ජලය පානය කිරීම
ව්‍යායාමවලට යොමු වීම
වැරැදි ජීවන රටාවෙන් තොර වීම
මත්පැන් පානයෙන් තොරවීම
දුම්පානයෙන් වැළැකීම
පැණි බීම වර්ග පානය නොකිරීම
චීස් බටර් අවම කිරීම
සියළු බේකරි කෑම අවම කිරීම
 
නිවසේදී කළ හැකි ප්‍රතිකාර

අක්මා රෝගයකදී වෛද්‍යවරයකු වෙත යාම කළයුතුයිග ඒ සඳහා වෛද්‍ය උපදෙස් පැතීම ඔබ කළ යුතු බුද්ධිමත් කටයුත්තයි.
නමුත් පහත සඳහන් ප්‍රතිකාර කීපයක්ද පෙන්වා දිය හැකියි.
අරළු අසමෝදගම්ල වියළි ඉඟුරුල ක්ෂාය කර බොන්න.
අරළුල බුළු නෙල්ලි ත්‍රිපලා ක්ෂාය කර බොන්න.
සුදර්ශන චූර්ණය තේ හැඳි එක බැඟින් උදේ සවස බොන්න
සුදු හඳුන් සැවැන්දරා වැල් මීල පත්පාඩගම් එරමුසුල බිංකොහොඹ මේවා සමව ගෙන තම්බා බොන්න.

(අන්තජාලය ඇසුරිණි)
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින්...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top