Stretch Marks ඉවත් කරගන්න නියම ස්වභාවික සත්කාරයක් මෙන්න...
Thursday, 14 June 2018 - 11:07 | Views - 3,377
බොහොමයක් කාන්තාවන් මෙන්ම පුරුෂයින්ගේත් භාහිර සුන්දරත්වයට අභියෝග කරපු කාරණයක් තමයි Strech Marks. ගර්භණී සාමය තුල සම ඇදීමට ලක්වීම, අධික ස්ථුලභාවය, අධික ලෙස ශරීර බර අඩු වීම සහ ගැහැණු දරුවන් මල්වර වීම වැනි අවස්ථා වල සිදු වන හෝර්මෝන වෙනස්කම් නිසාත්  සම මත Stretch Marks හට ගැනීම සිදු වෙනවා.  බොහෝවිට පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන ආවේනික හේතු නිසාත් Stretch Marks ඇති වෙන්න පුළුවන්. කොහොම නමුත් Stretch Marks කියන්නේ රෝගයක් හෝ ආසාධන තත්වයක් නෙවෙයි.

ශරීරයේ උදරය, කලවා ප්‍රදේශය, පපු ප්‍රදේශය, දෑත් වල ඉහල ප්‍රදේශය වැනි ස්ථාන වල  තමයි බොහෝ විට මෙම ඇදීම් සලකුණු සටහන් වෙන්නේ. භාහිර සුන්දරත්වයට සෘජුවම හානි පමුණුවන මේ Stretch Marks, ඔබට හිසරදයක් බව අපි දන්නවා. නමුත් ඊට අදාල ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම පවතින බැවින් දැන් ඔබ ඒ පිළිබඳව අනවශ්‍ය විදියට කරදර වීමට අවශ්‍ය නැහැ.

ප්‍රතිකාර ක්‍රම මොනවාද?

ස්වභාවික ප්‍රතිකාර ක්‍රම වලට අමතරව  Stretch Marks දුරු කිරීම සඳහා Dermabrasion, Chemical Peels සහ Laser Surgery වැනි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබුනත් ඒ එකඳු ප්‍රතිකාර ක්‍රමයකින්වත් 100% ක් ප්‍රතිඵල  ලැබෙන බවට තහවුරු කර නැහැ. ඒ සෑම ප්‍රතිකාරයකම සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබේ සමේ වර්ණය, වයස, හිරු එලියට නිරාවරණය වීම නිසා සමට හානි වී තිබූ ප්‍රමාණය සහ ඔබ ගන්නා ආහාර වේල් වල ස්වභාවය අනුවයි.

මීට අමතරව කෝමාරිකා, බිත්තර සුදු මදය, ලෙමන් යුෂ, සීනි, ඔලිව් තෙල් වැනි ද්‍රව්‍යයන් Stretch Marks ඇති ස්ථාන වල ආලේප කිරීම, Stretch Marks දුරු කිරීම සඳහා පවතින ස්වභාවික ප්‍රතිකාර ක්‍රම වශයෙන් හඳුන්වා දෙන්න පුලුවන්.

(අන්තර්ජාලය ඇසුරිණි)

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top