අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පානය තුලින් ශරීරයට සිදුවන ඔබ නොසිතූ දේ මෙන්න..
Wednesday, 13 June 2018 - 13:10 | Views - 9,091
වෛද්‍යවරු මතය අනුව දවසකට වතුර ලීටර් 12වතුර විදුරු 6ක් අතර ප්‍රමාණයක් පානය කලයුතුයි. නමුත් නව සමික්ෂණ වලට අනුව අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර පානය කිරීමත් අපේ ස්‍යෙඛ්‍යයට සුදුසු නොවන බව පැවසෙනවා. ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පානය කිරීමෙන් මෙන්න මේ දේවල් සිදුවනවා.

නින්දට බාධා
පමණට වඩා වඩා වතුර බිව්වොත් ඔබේ රාත්‍රී නින්දට බාධා ඇති විය හැකියි. නිදා ගැනීමට ප්‍රථමයෙන් වතුර පානය කළ යුතුයි. නමුත් වතුර වීදුරුවක් පානය කිරීම ප්‍රමාණවත්. අපි නිදා ගන්න වෙලාවට මොලයෙන් ADH anti diuretic hormone කියලා හොර්මෝනයක් නිදහස් කරන්න පටන් ගන්නවා. එකේ අරමුණ තමයි වකුගඩු වලින් සිදුවන පෙරීමේ ක්‍රියාවලියේ වේගය අඩු කරලා අපිට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය සිතට දැනෙන එක නතර කරන එක. එසේ නොමැති වුවහොත් ඔබේ සැප නින්දට රාත්‍රියේදී අනිවාර්යයෙන්ම බාධා විය හැක. වෛද්‍ය මතය වනුයේ ඔබට රාත්‍රී නිදා ගැනීමේදී නිතර නිතර මුත්‍රා කිරීමට අවශය වී අවදි වෙනවා නම් නිදා ගැනීමට පැය දෙකක් හෝ තුනක් ඇතුලත කිසිම දියර ජාතියක් පානය කිරීම සුදුසු නොවන බවයි.
 
අධික ලෙස දහඩිය දැමීම
අධික ලෙස දහඩිය දැමීමටත් හේතුවක් දිනකට සාමන්‍යයෙන් මිනිහෙක් පානය කල යුතු වතුර මට්ටම ඉක්මවා වතුර පානය කරන අයෙක් ක් නම් ගොඩක් දාඩිය දාන්න එක හේතුවක් වය හැක. මන්ද ශරීරයට අවශය ප්‍රමාණයට වඩා වතුර බිව්වොත් ඒ වැඩි පුර බොන වතුර ටික ශරීරය විසින් දාඩිය හරහා තමයි පිට කරනු ලබයි.
 
ශරීරයට අවශ්‍ය ලුණු සාන්ද්‍රණය දුර්වල වී සංකූලතා අැති වීම
වැඩි පුර වතුර බිව්වොත් ඔබේ මරණය පවා සිදු විය හැකියි ඉතාමත් අධික ලෙස වතුර පානය කිරීම නිසාම මිය ගිය පිරිස් වාර්තා වෙලා තිබෙනවා. මෙයට හේතුවක් ලෙස British Dietetic Association ප්‍රකාශ කරනුයේ අධික ලෙස වතුර පානය කිරීමෙන් අප ජිවත් කරවීම සදහා ශරීරය තුළ තිබිය යුතු ලුණු සාන්ද්‍රණය දුර්වල වීමෙන් ඇතිවන සංකූලතා බවයි. එසේම එකවර වතුර විශාල ප්‍රමාණයක් පාපය කිරීමෙන් වකුගඩුවල ක්‍රියාකාරීත්වයට බාධා විය හැක. මන්ද වකුගඩු වලට එක් වරම වතුර විශාල ප්‍රමාණයක් ලැබුණු විට උපරිම වේගයෙන් ක්‍රියා කලද වකුගඩුවලට වැඩි වතුර ටික පිට කර ගැනීමට නොහැකිවේ. මින් ලේ වල පවත්වා ගතයුතු ලවන සාන්ද්‍රණය නියමිත පරිදි පවත්වා ගත නොහැක. ඒ අනුව ශරීරයේ සෛල වල ලවණ සාන්ද්‍රණයට වඩා ලේ වල ලවන සාන්ද්‍රණය අවම වුවහොත් එය සෘජුව බලපානුයේ මොළයේ සෛල වලටය. එවිට මොලේ සෛල ඉදිමෙන්න ගන්නා අතර එයින් දරුණු හිසේ කැක්කුම් එහෙම එන්නේ. ඉතාමත් අධික ලෙස වතුර බිව්වොත් වඩාත් දරුණු ප්‍රතිවිපාක අත්විදින්නට වනු ඇත.

මේ නිසා අධික ලෙස ලීටර් ගණන් එක පාර වතුර බීමට ඇබ්බැහිවීමෙන් වැළකී ඔබට තිබහ දැනෙන විදිය අනුව ඔබේ සිරුරට දරාගත හැකි අයුරින් ජලය පානය කිරීමට වගබලා ගන්න

- අන්තර්ජාලය ඇසුරිණි -
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top