පැහැපත් සමකට නිසැක ඔසුව වෙනිවැල්ගැට...
Friday, 08 June 2018 - 12:32 | Views - 5,847
පැහැපත් සුන්දර සමක් කියන්නේ අප කාගේත් සිහිනයක්. ඉතින් ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් ඉතාමත්ම අඩු මුදලකින් මේ සුන්දරත්වය අත් පත් කර ගන්නට ඔබට කරන පුංචි මග පෙන්වීමක් තමයි මේ…

වෙනිවැල්ගැට ස්ක්‍රබ්

වෙනිවැල්ගැට කුඩු තේ හැඳි එකකට යෝගට් තේ හැඳි බාගයක් සහ දෙහි යුෂ තේ හැන්දක් මිශ්‍ර කරන්න. විනාඩි දහයකට පමණ පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හැර අයිස් ජලයෙන් මුහුණ තවන්න.

වෙනිවැල්ගැට පැක්

වෙනිවැල්ගැට පැක් එකක් සඳහා වෙනිවැල්ගැට කැබැල්ලක් ඇල් ජලයෙන් ගල ගා හෝ කුඩුකරගත් වෙනිවැල්ගැට දෙවරක් පමණ හලාගෙන භාවිතා කළ යුතුය. පැක් එකකදී වෙනිවැල්ගැට වඩාත් සුසුනිඳු වීම අනිවාර්ය වෙනවා. වෙනිවැල්ගැට කුඩු වලට මී පැණි එක්කරන්න. මුහුණේ සහ ගෙලෙහි ආලේප කිරීමට අවශ්‍ය තරමට වෙනිවැල්ගැට කුඩු කරගන්න. ඊට සම ප්‍රමාණයක් මී පැණි ගන්න. මේ දෙවර්ගය හොඳින් මිශ්‍ර කර ගෙලෙහි සහ මුහුණෙහි ආලේප කර විනාඩි විස්සක් පමණ සිටින්න. මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

කුරුලෑ සහ ලප කැළැල් සඳහා

වෙනිවැල්ගැට සහ අමුකහ එකට ගෙන අඹරා කුරුලෑ මත ආලේප කරන්න. ඇත්තෝර කොළ, අමුකහ, සහ නිවැල්ගැට කුඩු එකට අඹරා සනීප නොවන කැසීම, දද, සහ ලප කැළැල් වල තවරා පැය බාගයක් පමණ සිටින්න. සාමාන්‍ය ජලයෙන් සෝදන්න.

හිසට වෙනිවැල්ගැට

වෙනිවැල් කුඩු සහ දෙහි යුෂ සම ප්‍රමාණ වලින් ගෙන නෑමට පෙර හිස ගැල්වීම ඉස්හොරි වලට හොඳම ප්‍රතිකාරයක්.


(අන්තර්ජාලය ඇසුරිණි)

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top