පුංචි කාලේ වෙන්වූ අම්මයි - පුතයි වසර 18කට පසු ෆේස්බුක් පෙම්වතුන් ලෙස හමුවූ අපූරුතම සිදුවීම
Tuesday, 21 March 2017 - 15:38 | Views - 2,585
ආදරය හරි පුදුමාකාර දෙයක්. වර්තමානයේ සමාජ මාධ්‍ය ඔස්සේ තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන්ද ආදරය සොයා යන අවස්ථා ගැන අපට නිතර නිතර ඇහෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ආදරය කිරීමට බොහෝ දෙනා දැන් හුරුවී තිබෙන අතර මේ කතාව ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.

සමහර අවස්ථාවල අනෙක් සහකරුවා හෝ සහකාරිය කවුද කියලා හොයන්නෙ බලන්නේ නැතුවම සමාජ මාධ්‍ය ඔස්සේ පෙම්වතුන් වෙනවා.

මේ කතාවත් අන්න ඒ වගේ. මේ පුවත වාර්තාවන්නේ අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයෙන්.

Monica Mares කියන්නේ 37 හැවිරිදි දරුවන් 8 දෙනෙකුගේ මවක්. Caleb Peterson ඇයගේ 20 හැවිරිදි වැඩිමහල් පුතා වනවා. මොනිකා ඔහුව පුංචි කාලයේම හදාගන්න කියලා වෙනත් පිරිසකට භාරදී තිබෙනවා.

නමුත් අවුරුදු 18කට පසු මොවුන් දෙදෙනා යළි හමුවෙනවා. ඒ නොදැනුවත්වම පෙම්වතුන් ලෙසයි.

ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ දැන හඳුනගෙන පෙම්වතුන් වූ මොනිකා පසුව දැනගන්නවා මේ ඉන්නේ කුඩා කාලයේම හදාගන්න දුන්නු තමන්ගේම පුතා බව.

නමුත් මේ දෙන්නා මේ ආදර සම්බන්ධය නවත්වන්නේ නැහැ. දෙදෙනා එකට ජීවත් වෙන්න තීරණය කරනවා. විදේස් මාධ්‍ය වාර්තා කරන විදිහට කාලෙබ් පීටර්සන්ට ඇගේ අනෙක් දරුවන් 7 දෙනා කතාකරලා තියෙන්නේ තාත්තා කියලයි.

මේ සම්බන්ධකම දැනගත්ත අසල්වාසීන් පසුව එරට පොලීසියට පැමිණිලි කරලා තියෙනවා. පස්සේ මේ අම්මයි පුතයි පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. උසාවියෙන් මේ දෙන්නට වෙන් වෙන්න කියලා නියෝග කරලා තියෙනවා.

උසාවියෙන් ලැබුනු තීන්දුව නිසා ඔවුන් වසර එක හමාරක් විතර යනකම් වෙනම ජීවත් වුණත් ආයෙත් එකට එකතුවෙලා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වීඩියෝ සහ ඡායාරූප පහතින් බලන්න





































Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top