ගෑස්ට්‍රයිටීස් රෝගයේ ලක්ෂණ හා සුවකර ගැනීම සඳහා ඇති පිළියම් මෙන්න
Tuesday, 22 May 2018 - 10:05 | Views - 24,889
වර්තමානයේ බොහෝදෙනෙකු පීඩා විඳින් ගැටළුවක් තමයි කියන්නේ ගෑස් ඇතිවීම. මේ තත්වය වැඩිවීමට අප ගන්නා අහාරත් ලොකු බලපෑමක් වෙලා තිබෙනවා.

මෙම රෝගයෙහි ලක්ෂණ

  • උද්ගීරණය
  • බඩ පිපී ඇති ලෙස දැනීම
  • නිතර ගෑස් පිටවීම
  • බඩ ගින්න නැතිවීම
  • උදරයේ තද ගතියක් දැනීම

මෙම රෝගය ඇතිවීමට හේතු

  • තන්තු වැඩි ආහාර නිසා ගෑස් ඇතිවෙන්න පුළුවන්. මන්ද, ඒවා තරමක් අපහසුවෙන් ජීරණය වෙන නිසායි
  • පපුවේ වේදානාව ඇතිවෙන තරමට ගෑස් ඇතිවෙනවා යනු, උදර ප්රිදේශයේ ගෑස් ඇති වීමයි. ජීරණය නොවුනු ආහාර බඩවැල් වලට එන විට, බැක්ටීරියා හමුවේ ජීරණ ක්‍රියාවලිය ඇතිවෙනවා. ජීරණය සඳහා හේතුවෙන අම්ලත් මෙහිදී තම කාර්යෑය සිදු කරනවා. මෙම ක්රිකයාවලියේදී ගෑස් ඇතිවෙනවා
  • බියර් හා සිසිල් බීම පානය මඟින් බඩේ ගෑස් ඇතිවෙන්න පුළුවන්
  • සමහර අයට සමහර ආහාර ගැලපෙන්නේ නෑ. එවැනි ආහාරය ගත් විට ගෑස් වැඩි වශයෙන් ඇතිවෙන්න පුළුවන්
  • මලබද්දය ඇතිවීම නිසා ගෑස් ඇතිවෙනවා

මෙම රෝගය සඳහා පිළියම්

  • බිම වැතිරෙන්න. ගෑස් පිරී අපහසුතාවයක් දැනෙන විට බිම වැතිරී හිස ඉහලින් තියා ගන්න. අපහසුතාවය නැතිවෙන තුරුම එම ඉරියව්වේම සිටින්න.
  • ගන්නා දියර ප්රිමාණය වැඩි කරන්න. ජීරණය නිසි ආකාරව සිදුවෙන්නේ නැති විට ගෑස් ඇතිවෙනවා. දියර වැඩි වශෙයෙන් ගන්නා විට ජීරණට වී නොමැති ආහාර බඩවැල් හරහා නිසි අයුරින් ගමන් කරනවා. තන්තු වැඩි වශයෙන් ඇති ආහාර ගන්නා විටත්, බොන දියර ප්රැමාණය වැඩි කළ යුතුයි.
  • දිරවා නැති ආහාර බඩවැල් වල ඇතිවිට ගෑස් වැඩි වශෙයෙන් ඇතිවෙනවා.
  • සෝඩා පානයන් ගන්නා විට ගෑස් ඇතිවෙනවා. පපුවේ වේදනාව මින් ඇතිවෙන්න පුළුවන්
  • ඉරියව්: ගැස් ඇති වී ඇති විට, එය අඩු කර ගැනීමට හේතුවෙන ඉරියව් තියෙනවා. හිස බිම තියා තට්ටම් පෙදෙස උඩට කරන්න. හිස පල්ල්හැ ඇතිවිට ගෑස් පහසුවෙන්ම පිටවෙනවා. බිම වැතිරී පාද පපුව මතට ගෙන එන්න. හුස්ම පිර කරන ගමන් ගැස් ශරීරයෙන් බැහැර කිරීමට උත්සාහ කරන්න.
  • ආමාශයේ ඇති ගෑස් පිට කිරීමට නම්, ආමාශය හිස්ව තිබිය යුතුයි.
  • කාන්තාවන්ට ගර්භණී සමයේදී මෙම තත්වය ඇතිවෙනවා. එවැනි අවස්තා වල පැත්තකට වැතිර ඉන්න. දෙපා හා සසඳන විට, හිස් ඉහලින් තබා ගත යුතුයි.
  • ආහාර වලට අබ එකතු කරන්න. ගෑස් අඩු අරනු ඇත. ඔබ කැමති ඔනෑම ආහාරයකට එකතු කරන්න පුළුවන්.
  • කුළු බඩු: කහ, දුරු වර්ග, එනසල් එකතු කිරීමෙන් අහාර ජීරණ කිරීයාවලිය ක්රශමවත් වෙනවා. මින් ගෑස් ඇතිවීම අවම වෙනවා.
  • උණුසුම් පානයක් ගැනීම මඟින් ගෑස් ශරීරයෙන් පිටවෙනවා. කෝපි හෝ තේ පානය කරන්න. ජීරණය පහසු කරන ශාකසාර තේකක් ගන්න වා නම් වඩාත් හොඳයි.
  • ඉඟුරු: ඔබට ගෑස් හා අජීරණ ගැටළු ඇති නම්, ඉඟුරු පරිබෝජනය වැඩි කරන්න. ඉඟුරු කැබැල්ලක් සැපීම හෝයුෂ පානය කරන්නත් පුළුවන්.
  • පළතුරු: සමහර එළවළු පරිබෝජනයෙන් ඔබට ගෑස් ඇතිවෙනවා නම්, සමහර පළතුරු වලින් ඔබට සහනයක් ගන්න පුළුවන්. පැඟිරි පළතුරු යුෂක් කෑමට පසුව පානය කරන්න. පැපොල් පරිබෝජනය මඟින් බඩ පිපුම අඩු කර ගන්න පුළුවන්.
  • ව්‍යායාම කරන්න. දිනකට මිනිත්තු 30ක් වත් ව්යා යාම කළ යුතුයි. ක්‍රියාශීලිව සිටින්න.
  • බේකින් සෝඩා: උණු වතුර කෝප්පයකට බේකින් සෝඩා හැන්ඳක් එකතු කරන්න. මෙමඟින් ජීරණය ක්‍රමවත් වෙනු ඇත.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)
Share This Article
Hiru Tv Blog
ජාත්‍යන්තර දුම්වැටි සහ මත්විරෝධී දිනය...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් වගේම ප්‍රේක්ෂක හදවත්වල නොමඳ...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top