ලංකාවේ තරුණයෙකුටත් දිවි අහිමි කළ, අබුඩාබි සුපිරි අවන්හලක සිදුවූ පිපිරීමේ, දර්ශන එළියට
Thursday, 03 September 2020 - 11:01 | Views - 490
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවන්හළක අබුඩාබි හි ගෑස් නලයක් පිපිරීයාමෙන් ලාංකික තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ප්‍රසිද්ධ ආහාර පාන අලෙවි සැලක මෙම සැක සහිත පිපිරීම සිදුව ඇත්තේ පසුගිය අගෝස්තු මස 31 වනදායි .
 
අදාළ පිපිරීම ආරක්ෂක කැමරාවන් හි මෙලෙස සටහන් ව තිබුණා.

ගෑස් නලයක සිදු වූ කාන්දුවීමකින් මෙම පිපිරීම සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් බරපතළ තුවාල ලැබුවා.
 
මියගිය පුද්ගලයින් අතර මාතර,වැලිගම - වරකපිටිය ප්‍රදේශයේ පදිංචි රංගන සමරවීර නම් ශ්‍රී ලාංකික තරුණයාද වනවා.
 
2014 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් ඇති රංගන මෙම ආහාර පාන අලෙවි සැලේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිටියා.
 
විදෙස් ගතවීමට පෙර විවාහ ගිවිස ගෙන සිටි ඔහු මේ ඉරණමට ගොදුරු වනවිට 28 හැවිරිදි වියේ පසු වුණා.
 
රංගන මියගිය බව ප්‍රථමයෙන් මෙරට ඥාතීන් දැනුම්වත් කර ඇත්තේ ඔහු සමඟ එකට සේවය කළ මිතුරෙක්.
 
සිද්ධිය සමඟ කම්පනයට පත්ව සිටින ඔහුගේ පවුලේ ඥාතීන් ඉල්ලා සිටින්නේ වගකිවයුතු බලධාරීන්ගේ මැදිහත්වීමෙන් කඩිනමින් දේහය මෙරටට 

ගෙන්වා දෙන ලෙසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top