පෙළ පොත් කට්ටල 1017ක් කහවත්තේ පොත්හලකින් හමුවේ
Thursday, 03 September 2020 - 10:36 | Views - 401
රජය විසින් පාසල් දරුවන් සඳහා නොමිලේ බෙදා දෙන පෙළ පොත් කට්ටල 1075ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා. ඒ කහවත්ත - නගරයේ පිහිටි පැරණි පොත් සහ පුවත්පත් මිලදී ගැනීම් සහ විකිණීම් සිදු කරන ස්ථානයකදීයි.
දෙමළ පාසල්වල හයේ සිට 11 වන ශ්‍රේණි දක්වා 2020 පාසල් වාරය සඳහා ලබා දීමට මෙම පෙළපොත් මුද්‍රණය කර ඇත්තේ 2019 වසරේ බවයි හෙලිව ඇත්තේ.
අදාළ අලෙවිසැලේ හිමිකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ සඳහා කහවත්ත පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා.
Share This Article